November 03, 2016

මල් පිපිලා, ජීවිත උයනේ



"හෙලෝ"

"හෙලෝ, මේ ජයවර්ධන මහත්තයද?"

"ආ.. චාන්දනී, කියන්න"

"හොඳින් ඉන්නවා නේද, ටිකක් අමුතු හීනයක් දැක්ක ඊයේ රෑ"

"ආ මොකට හිත කරදර කරගන්නවද.. මම හොඳින් ඉන්නවා.."

"කෝ චිත්‍රා, උයනවද?"

"නෑ, චිත්‍රා ගමේ ගිහින් එන්න ගියා"

"හ්ම්ම්ම්... නිකමට හිතුණ හදිසියෙන්ම හීනෙන් පෙනුනේ කරදරයක් වත්ද කියල.. ඒ නිසා අද දවසම හිතට හරි මදි..... ඔයා කොහේ හරි හොඳින් හුස්ම ගන්නවානම්, මට ඇති. චිත්‍රා ගෙදර හිටියනම් මට ටිකක් හරි හිත හදාගන්න තිබුණ, එහෙනම් අසනීපයක් වත් උනොත් එයා ඉන්නවනෙ ලඟින්"

"හ්ම්ම්... හිත කරදර කරගන්න එපා. පුතාල හවස ඇවිත් යාවි සමහර විට"

"ඒක හොඳයි. මම එහෙනම් තියන්නම්. තේ හදන වෙලාව දැන්, රත්නේ ට තිබහ ඇති"

"හොඳයි, බුදුසරණයි"


මල කොතැන පිපුනම මොකද
පිපුණ වග මල දන්නවා 
ගඟ කොතැන ගැලුවම මොකද 
ගලන වග ගඟ දන්නවා 
සඳ කොතැන දිලුනම මොකද 
දිලෙන වග සඳ දන්නවා 
නුඹ කොතැන සිටියම මොකද 
නුඹ ඉන්න බව මං දන්නවා



***** 


මේ මොකද්ද මේ විකාරේ කියල හිතුනොත්, ඔබේ කාලය අපතේ ඇරපු එක ගැන සමාවෙන්න මට :)


24 comments:

  1. ආදරය කරලත් එක්වෙන්න බැරිඋන කෙනෙකුගේ අත්දැකීමක් වගේ

    ReplyDelete
    Replies
    1. ඔව්.. මේ ගීතයත් එක්ක ආපු පොඩි සිතිවිල්ලක්.
      ස්තුතියි කොමෙන්ටුවට පූස්.

      Delete
  2. / අපිට කසාද බඳින්න බැරි වුනාට, /

    නියමයි. මේ කෑල්ල නැති උනානම් වඩාත් හොඳයි කියලයි නෝනා මයෙ කම්පනාව..:)

    ReplyDelete
    Replies
    1. මටත් එහෙම හිතිලා තියෙද්දී තමයි ඔබේ කොමෙන්ටුව දැක්කේ.
      වෙනස් කළා.
      ස්තුතියි රවී තුමා.

      Delete
  3. මේ සටහන විකාරයක් නම් "ආදරය" කියන එකත් එහෙම පිටින්ම විකාරයක්නේ.

    ReplyDelete
    Replies
    1. මේ ළඟදී මා නොවන මා එකේ කැලුම් ශ්‍රීමාල් කිවුවා, "ආදරය යනු බෙහෙතක් නැති රෝගයකි" කියල, එතකොට ඇවිත් හිටපු අමුත්තා (බිමල් ජයකොඩි හෝ උද්දික ප්‍රේමරත්න වගේ මතක) කිවුව, "බෙහෙත් හොයාගන්නත් එපා" කියල. මේ කොමෙන්ටුව දැක්කම ඒක මතක් උනා :)

      Delete
  4. ආදරේ කියන්නේ එකතු වෙල එක වහලක් යටට වීමම නෙමෙයි..

    ReplyDelete
    Replies
    1. මටත් එහෙමයි හිතෙන්නේ.
      මිනිස්සු ගෑනු ඒක තේරුම් ගන්නවා නම් ලෝකේ තවත් සුන්දර වෙයි මම හිතන්නේ.

      Delete
  5. දීපිකාගේ මම කැමතිම ගීතයක්.. අතුල ජයදේව කියලා කෙනෙක් ලියලා තියෙන්නේ. සුරේෂ් මාලියද්දගේ තනුවත් අපූරුයි. ඔබේ සටහන හිත පොඩ්ඩක් කොනිත්තලා අහක බලන් යන්න ගියා. වගේ. මොකක්ද පාලු ගතියක් දැනුනා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි විස්තරයට. මේ ගීතය මගේ හිතටත් බරක් එක් කරන ගීතයක්.
      දීපිකාගේ ගොඩක් ගී තුළ, හඬන හිනැහෙන ගැහැණිය හරි අපූරුවට ලියවිලා තියනවා. ඇයටම මේ ගීත ලැබෙන එක පුදුමයි.

      Delete
  6. ඔබට සමාව දෙමි....;)
    හිතෙන දේ ලියන්න මාධ්‍යයක් තියෙන එක කොච්චර දෙයක්ද..!

    ReplyDelete
    Replies
    1. හපොයි!
      ඊළඟට ආයේ ලියන දවසක, ඒක මීට වඩා හොඳින් ලියන්න උත්සාහ කරන්නම්.
      කියවන්න කාලය වැය කර, කොමෙන්ටුවක් දමන්න තවත් කාලයක් වැය කලාට තුති. :)

      Delete
  7. අමුතු කතාවක්................ නියමයි............. ඒ ගීතයේ කතාව ඇත්තට ම හරියට තේරුණේ දැන් තමයි............. ස්තූතියි

    ReplyDelete
    Replies
    1. දිරි ගැන්වීමටත්, කොමෙන්ටුව ටත්, බොහොම ස්තුතියි, කුරුටු.

      Delete
  8. හිතට බොහොම සමීප කථාවක්. එක් නොවුණු අයගේ ආදරය සදාකාලිකයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. ඔබ කී දේ හා එකඟයි.

      Delete
  9. මේකේ ඇත්තටම වුන සංවාදය.

    "හෙලෝ !"

    "ආ චාන්දනී"
    "කෝ අරකි ගියාද?"

    "ඔව් ඔව් මේ දැන් ගියේ ඒකයි මෙසේජ් එක එවන්න පරක්කු වුණේ, කොහෙද කොහෙ හරි ඇරගන්න තියෙන වදේ".

    "මොකද මුමුණන්නෙ වෙන කවුරුවත් ගෙදර ඉන්නවද? මම තියන්නද? "

    "කවුරුත් නැහැ ! කවුරුත් නැහැ ! තියන්න එපා ! හැමදාම බාත් රූම් එකේ හැංගිලා හිමින් කථා කරල පුරුද්දට එහෙමම කථා කෙරුණ". "සොරි ! සොරි! "

    "මේ ඒක නෙවෙයි අද රත්නේත් යාළුවො කට්ටියක් එක්ක නුවර එළි ගියා."

    "එහෙමද ෂහ් අපරාදෙ අද අපිට සෙට් වෙන්න තිබුණ"

    "අපරාදෙ කියන්නෙ තාම වෙලාව තියෙනවනෙ."

    "කොහෙද චාන්දනී සෙට් වෙන්නෙ?, අද පුතාල හවසට ඇවිත් යන්න ඉඩ තියෙනවනෙ"

    "අපෝ උන් ටික එනවද එහෙනම් ඉතින් අදත් හුලං තමයි."

    "මොනව කරන්නද අපරාදෙ දෙන්නම නැති දවසක් සෙට් වෙන්නෙ කලාතුරකින්."

    "ඒක තමයි මම රෑට කෝල් එකක් දෙන්නම් උන් ටික ඇවිත් ගියාමවත්"

    "හා හා බුදු සරණයි".

    ReplyDelete
    Replies
    1. Ian,

      Either,

      කොළොම්තොට නැත මහළුවී
      අවන්හල් නැත පැරණිවී
      එදා සඳමයි අදත් යෞවනයේ
      එහෙත් අප දෙන්නා බලන් කැඩපත සොඳුරියේ

      or else,

      මුදු මුහුණේ සුව දැනුනේ
      පිය ලඳුනේ මට විතරද
      ඔබෙ සුසුමේ සුව දැනුනේ
      හිමි සඳුනේ මට විතරද...

      Delete
    2. ඉයන්,

      ඇත්තටම එහෙම දේවලුත් වෙනව නේද. නමුත් එහෙම ලිවුව නම් මේ වගේ කොමෙන්ට් දාන එකක් නෑ කවුරුවත්, මොකද ඒ තරම් ම ඒ සිදුවීම් සුලභ නිසා, බ්ලොග් පෝස්ට් එකක් හෝ කොමෙන්ටුවක් ලියන්න තරම් දෙයක් නෙවෙයි කියලා හිතේවි.

      ඒ උනාට ඔබේ මේ ලිවීමට මම කැමතියි. ඒක කතාකරන ලියමනක්. උදාහරණයක් විදියට, අර අන්තිමට කලබලෙන් කියන "හා හා බුදුසරණයි" කියන එක ගන්න. ඒක කියන්නේ කලබලෙන් වගේ නේ.. ආදරයකදී හිතට දැනෙන සංවේදී හැඟීම් වෙනුවට රාගය පමණක් ආදේශ වූ බව ඒ කියමනෙන් පේනවා.

      අන්සතු කෙනෙකුට උනත්, සුන්දර විදියට ආදරය කරන එක වෙන්න බැරි දෙයක් කියල කියනවා නොවේ, නමුත් හිත් වල රාගය ඉස්මතු උනාම ඒක පෙනෙන්නේ කොහොමද කියල ඔබේ ඉතා කුඩා සංවාදය මනාවට පෙන්වනව. ඒකයි මම කිවුවේ, කතා කරන ලියමනක් කියල.

      නැවතත් බොහොම ස්තුතියි.


      රවී තුමා,

      බොහොම ස්තුතියි.
      ඔය දෙවෙනි ගීය අහද්දී මට මැවෙන්නේ, විවාහයට කලින් තිබුණු හුටපට ගැන කතා වෙන ජෝඩුවක්.

      හැබැයි ඒ ගීය මේ වගේ අවස්ථාවකටත් ගැළපෙන බව තේරුණේ දැන් තමයි. වයසට ගිහින් දෙන්නත් එක්ක, තමන්ගේ විවාහ ජීවිතය ගැන සිංහාවලෝකනයක යෙදෙනවා වගේ :)

      Delete
    3. මමත් බොහොම රසවින්ඳ කමෙන්ට් එකක් තමයි ඉයන්ගේ මේ දෙබස...එමා කියනවා වගේ ඒක පෝස්ට් එක වුනානම් මෙහෙම ලයාන්විත කමෙන්ට්ස් වෙනුවට අපි කස්ටියම එකතුවෙලා චන්දනිටයි...ජයාටයි අල්ලං බනියි. මේක තමයි නිදහස්ව සිතීමෙන් මතුවෙන හොඳ අවස්තා. නැද්ද මං අහන්නේ. අසම්මත ප්‍රේම කියලා දෙයක් තියෙනවාද? ප්‍රේමය නම් සම්මත, අසම්මත ලෙස කුඩු කෙරූ දෙයට වඩා කොපමන සුන්දර සරළ බෙදාගැනීමක්ට්ද... ඔය විෂය බැරිද රවියෝ, අපිට සබ්ජෙක්ට් එකක් හැටියට දරුවන්ට උගන්වන්න.

      Delete
    4. අන්න හොඳ අදහසක් අරූ අයියේ. මගේ නම් පිළිගැනීම සැබෑ ආදරයට සම්මත අසම්මත කියල දෙයක් නෑ.

      Delete
    5. ආදරයක් නැති සම්මත ආදර කතා නුත්, ආදරයෙන් පිරුණු අසම්මත ආදර කතා නුත්, තියෙනවා නේ, නේද?

      Delete