කන්න කියල එහෙමට දෙයක් නෑ. පරිප්පු තියනවා, බත් තියනවා, මොකද කරන්නේ?
මිරිස් ටිකක් දාල සැරට ඔම්ලට් එකක් හදා ගත්ත නම් හරි.
ෆ්‍රිජ් එක ඇරල, ලූණු, අමුමිරිස් අරගෙන, මම බිත්තර තෝරන්න පටන් ගන්නව. බිත්තර එකක් ඇතිද... ම්ම්ම් බඩගිනියි. බිත්තර දෙකක් ම කනවා අද.
පිඟානට බතුයි පරිප්පුයි බෙදල, ඒක මයික්‍රොවේව් එකේ දාල රත් වෙන්න ඇරල, එතකම් මම ඔම්ලට් එක හදනව. ළූණු, අමුමිරිස් ගොඩක් එක්ක බිත්තර දෙකක් එකතු උනාට පස්සෙ, පීට්ස එකක් තරම් ඔම්ලට් එකක් හැදෙනව. එතකොටම මයික්‍රොවේව් එකේ දාපු බත් එක උණුසුම් වෙලා බීප් හඬ නගනව. ඔම්ලට් එක බතුයි පරිප්පුයි වලට උඩින් එලාගෙන මම කන්න පටන් ගන්නව.
කන ගමන් හිත නිතැතින්ම දුවන්නේ අවුරුදු පහලවක් තරම් අතීතෙට.
*************
අපේ තාත්තා ඔෆිස් එකේ වැඩ කරද්දී, අම්ම අපිව බලාගෙන ගෙදර හිටිය. අපි ඔක්කොම ජීවත් උනේ තාත්තගේ තනි පඩියෙන්.
දැන් මම බිත්තර දහයක පැක් එකක් ගෙනැත්, ඒකෙන් අටක්, නවයක් ඉවර වෙද්දිම අලුත් බිත්තර එකක් ගෙනාවට, ඒ දවස් වල ගොඩක් වෙලාවට අම්මා ගෙදරට ගෙනාවේ බිත්තර පහයි. තාත්ත කඩේ ගිහිපු දවසට නම් බිත්තර දහයක්ම ගේනවා එක පාර. නමුත් ඒ බිත්තර ඉවර වෙලා ටික දවසක් ගියාට පස්සේ. දැන් මට වගේ නිතර කඩේ යන්න එයාලට විවේකයක් තිබුනෙත් නැහැ, සල්ලි තිබුනෙත් නැහැ.
එක බිත්තරේකින් ඔම්ලට් එකක් හදල, ඒක කෑලි වලට කඩන් ගෙදර ඔක්කොමල කාපු අතීතයක් ඒ. අම්මයි තාත්තයි ඔම්ලට් කන්නෙම නැහැ. "අපි ඔම්ලට් කන්න ආස නෑ පුතේ" කියල ඔම්ලට් එක දෙකට කඩල අක්කටයි මටයි දුන්නම, අපි අපේ ඔම්ලට් වලින් ටිකක් අම්මගෙයි තාත්තගෙයි පිඟන් වලට දානව. ඒ හැබැයි සතුටකින් නම් නෙවෙයි. අමුර්තයක් වගේ ඔම්ලට් එකක්, බෙදාගන්න කැමති කවුද? ඒ උනාට අම්මටයි තාත්තටයි නොදී ඔම්ලට් එක තනියම කන්න, මොන හේතුවක් නිසා හරි, අපට දුක හිතුණ.
*************
දොමිනික්, මෙහෙදි මුණගැහුණු මගේ යාලුවෙක්. එයා ප්‍රසන්ටේෂන් එකක් හදන බිසි දවසක, මම එයාටත් එක්ක උයනව.
"Wow Manavika, I really love your omelette" කියල එයා මම හදපු ඔම්ලට් එක කනව.
ඔව්. ඔම්ලට් කියන්නේ නිකන්ම නිකං කෑමක් නෙවෙයි, මගේ ජීවිතේ ආදරය, සමගිය, එකතු වුනු, සුපිරි කෑමක්. ඉතින්,
Me too, really love egg omelette.
ඔවු රස කෑමක් කන වෙලාවක ඇත්තටම ලොකූ දුකක් ඇති වෙන්නෙ අම්ම තාත්ත ගැන හිතල. ගෙදර ගිහිං මොනව හරි රස කෑමක් හැදුවොත් ඒකත් අරං ගෙදර යනකම් මටනං නිවනක් නෑ...අපි පුංචි දරුවො කාලෙ අම්ම තාත්ත ගෙනාපු දෙයක් හෝ හදපු දෙයක් කුස තුලට දමා ගත්තෙ කොච්චර සතුටින්ද..අම්මයි තාත්තයි ගැන දැනෙන ආඩම්බරේ. ඒ වගේම තමා දැන් අම්මයි තාත්තයි දෙන්නම දැන් ඉස්සර අපි වගේ අපි අරං යන කෑමක් කන්නෙ මහත් වු ආඩම්බරයකින්...පුතානෙ ගෙනාවෙ දුවනේ ගෙනාවෙ කියල
ReplyDeleteඔව් නේද. ඒක ඇත්ත. එයාලට ලොකු සතුටක් දැනෙනව අපි මොනවහරි අරගෙන ගියාම.
Deleteතමන් නිසා දෙමව්පියො සතුටින් ඉන්න එක ලොකු සතුටක්.
බොහොම ස්තුතියි මේ පැත්තේ ඇවිත් කොමෙන්ටුවක් දැම්මාට.
හරිම සංවේදී පෝස්ට් එකක්. හැම අම්ම කෙනෙක්ම, තාත්තා කෙනෙක්ම ඔය වගේ තමයි. දරුවන්ට රස කෑම කන්න දීලා බඩගින්නෙ ඉන්නවා.. :(
ReplyDeleteමම සංවේදී විදියට ලියන්න අදහස් කලේ නැහැ නමුත් ගොඩක් අයට මේ පෝස්ට් එක සංවේදී විදියට දැනිල තියනව.
Deleteබ්ලොග් ලියන්නෙ, කියවන්නෙ, බොහොම සංවේදී හදවත් තියන මිනිස්සු ද මන්ද :)
බොහොම ස්තුතියි මේ පැත්තේ ඇවිත් කොමෙන්ටුවක් දැම්මාට.
More or less this is our story. In our home we had a place to buy gam kukul bittara. But they never sold us more than 6 per time (as I remember.) Since their kids eats almost eggs. So most of times I had a half egg. I it was a omelette a big share since my mother made it bigger size.But I always loved boiled egg. I don't know why. Still I love that simple way. May be nostalgia.
ReplyDeleteSorry for Eng. On mobile.
DeleteThis comment has been removed by the author.
DeleteHello Babe, thank you very much for reading and commenting here :) Please don't worry about commenting in English, use whatever convenient for you. I can understand both :D
DeleteI really appreciate your effort taken to make a comment using the mobile phone.
තම්බපු බිත්තර බාගයක් හම්බෙන එක මටත් සිදු උනා. අක්කටයි මටයි... හැබැයි ඒ කාලේ ශරීරයෙන් පොඩි නිසාද මන්ද, බිත්තර බාගෙත් වැඩි සමහර දවසට.
ඇත්තටම ඔයා කියන දේ තමයි මටත් හිතෙන්නෙ. දැන් අපිට ඕන දෙයක් ඕන තරම් කන්න පුළුවන් උනාට, අපි තාම ආදරේ ඒ අතීතෙට.
මගේ යාලුවෙක් හිටිය. එයාට ගෙදර හිටියෙ නංගි කෙනෙකුයි මල්ලි කෙනෙකුයි. එයාලගේ අම්මා උදේට වැඩට යනකොට බිත්තර 3ක් තම්බල තියල, මගේ යාලුවට කියල යනවලු ඉස්කෝලෙ ඇරිල ඇවිත් කෑම කන වෙලාවට නංගි ටයි මල්ලි ටයි බිත්තර දෙකක් දෙන්න කියල. මගේ යාළුවා බිත්තර දෙකක් කාල, නංගි ටයි මල්ලී ටයි ඉතුරු බිත්තරේ බාගෙ බාගෙ දෙනවලු. ඕක අහපු දවසේ ඉඳල මම හරිම ආදරේ උනා මගේ අක්කට :D
ඔම්ලට් තියා බිත්තර වලට මනාප නැතත් පෝස්ට් එක නං රහට තදට පපුවටම දැනුණ
ReplyDeleteතනිකමත් එක්ක ඔම්ලට්
අයියෝ මහේෂ්, මොන අපරාදයක්ද. බිත්තර කියන්නේ හරිම ගුණ කෑමක්. :)
Deleteඇත්තටම මේක මේ තරම් සංවේදී විදියට දැනේවි කියල හිතුවේ නැහැ. නිකන් ලියාගෙන ගිහිපු සටහනක් විතරයි. ඉතින් ඒක කට්ටියගේ හදවතට තට්ටු කරන්න තරම් හොඳ සටහනක් වීම මට අදහගන්න බැහැ වගේම මට ඒ ගැන සතුටුයි.
ඔම්ලට් නරක නැහැ.මගෙත් තියෙනවා ඔය වගේ කතාවක්.
ReplyDeleteඑහෙනම් ඒකත් කොමෙන්ට් කරන්නකෝ හිතේ තියන් ඉන්නේ නැතුව!
Deleteහා හා කවුද මේ ඩොමිනික්?
ReplyDeleteඅප පොඩි කාලෙත් බිත්තර ගෙනාවේ එවෙලෙට කන්න අවශ්‍ය ගාණට පමණයි. හැබැයි ඉන්පසු ජිවිතයේ මේවා ගත්තේ එවෙලේ කන්න ඕනි නිසා නොවේ. මා බිත්තර දුසිම් ගණන් පළමු වරට ගත්තේ සෝවියට් දේශයේදී. බිත්තර එක දෙකක් ඉල්ලන්න ඇත්තටම බැහැ. ඉවිමත් පළමු වරට කෙරුවේ එහිදී.
මා අප්‍රිය කරන දෙයක් තමා, තමන්ම උයල තමන්ම කෑම. උයපු කෑම වෙන කෙනෙකු සමග බෙදා ගන්න නොහැකි නම්, ඉවීම නිකම් බෝරින් කටයුත්තක් බවට පත් වෙනවා. මා ඒ කාලේ උයන්න කම්මැලි යාළුවන් ගේ කාමර වලට ගිහිං, උයල එයාල එක්ක කාල එනවා (තවත් දේවල් එකතු වුණා තමා).
අතීතය ගැන හිතුවත් එහි ජිවත් වන්න එපා. ඔබගේ විතරක් නොවේ, අප ගොඩක් දෙනාගේ ආරම්භය ගොඩක් දුරට සමානයි. :)
හපොයි මම දන්නවා ඔබ හිතන්නේ මොනවද කියල. :) ඒ උනාට ඩොමිනික් කියන්නේ ගැහැණු ළමයෙක්. :D
Deleteඔබ කියන දේ හරි. මෙහේදී බිත්තර කියන්නේ අත්‍යාවශ්‍ය දෙයක් වගේම හදිසියකදී පිහිටට එන දෙවියෙක් වගේ මට. වැඩියෙන්ම මම බීෆ් පෝක් කන්නේ නැහැ, ඉතින් ගොඩක් වෙලාවට බිත්තර තමයි කන්නේ. මමත් පළමු වරට උයන්නේ ජපානයේදී තමයි. ගෙදර අම්මයි අක්කයි දෙන්නම ඉන්න නිසා මට කුස්සියේ ඉඩක් ලැබුනෙම නැහැ. නමුත් මම උයන කෑම රසයි කියල කට්ටිය කියනවා. :)
ඔබ වගේම මමත් අකමැතියි තමන්ම උයල තමන්ම කන එක. උයන එක නම් බෝරින් විදියට දැනෙන්නේ නැහැ මොකද මම උයන්න හරිම ආස කෙනෙක්. නමුත් තනියම කනකොට, ඒක නම් හරිම බෝරින් තමයි. ඒ වෙලාවට විතරක් ලඟින් ඉන්න කැමති කවුරුහරි හිටියනම්, ජාති. :D
කම්මැලිකම යන්න, කන ගමන් බලන්න මම ටීවී සීරීස් එකක් සෙට් කරන් ඉන්නෙ දැන්. විනාඩි විස්ස ඉවර වෙනකොට කාල, අතුරුපසට පලතුරු මොනවහරිත් කන්න පුළුවන් එතකොට. :)
අතීතයේ ජීවත් වෙන්නේ නැහැ රයිගම්, මේක ඇත්තටම එක දවසක් කනකොට කල්පනා උණු දෙයක්, ගොඩක් කල් නොලිය ඉඳල, එක පාරටම මතක් උණු නිසා මේ නිකන් ලියාගෙන ගිහිපු පෝස්ට් එකක්. කට්ටියට මේ තරම් සංවේදී විදියට දැනේවි කියල හිතුවේ නැහැ. කොහොම උනත් හැමෝටම සමාන අත්දැකීම් තියන නිසාද කොහෙද, මේ පෝස්ට් එක ගොඩක් අයගේ හිතට දැනිල තිබුණ.
මේ පෝස්ට් එක මට කියවන්න ලැබුනේ දැන්. අනිත් අයට වගේම මේක මටත් සංවේදී පෝස්ට් එකක්. බිත්තරේ අන්තිමට කන්න පිඟානේ පැත්තක තියාගෙන ඉන්න අතීතයක් මටත් තිබුනනෙ.
ReplyDeleteරිප්ලයි කරන්න පහු උනාට සමාවෙන්න ඩුඩ්. ඔබ හරි. බිත්තර ඔම්ලට්, මස්, මාළු, හැමෙකක්ම මුලින් පොඩ්ඩ පොඩ්ඩ කාල පස්සේ අන්තිමට ඉතුරු ටික රස බල බල කන එක.. ඒක මගෙත් එහෙමයි.
Deleteman nam thamath ehemai.2k kanna puluwan unath ehema kanna hithenneth na.
Deleteජපානේ කල් ඉකුත්වීමේ දින වලට අනුව බිත්තර කෑවොත් නම් ඉතින් කොලෙස්ටරෝල් වැඩි කරගෙන තමයි නවතින්නේ.
ReplyDeleteමට තියන ප්‍රශ්නේ බිත්තර වල කල් ඉකුත් වීමේ දිනය කොහොම හොයනවද කියන එක. කිකිළි ගෙන් අහනවා ඇති. :D
Deleteමාත් එන්නෝන වෙලාවක ඔම්ලට් එක්ක බත් ටිකක් කාල යන්න..
ReplyDeleteඑන්න එන්න, ඔක්කොමත් එක්ක එන්න :)
Deleteමතක ඇතුව අර හුරතල් පැට්ටෝ දෙන්නව අරන් එන්න