12.29.2015

ජපන් කතා 1 - ඇරඹුම පළමු කොටස


ටික කාලයක් නිහඬව හිටියේ ජීවිතේ පොඩි වෙනසක් සිදු වුනු නිසා. ඒ හා සමගම ඇති වුනු අමුතු කාර්ය බහුල කමක් නැතත්, හිතේ නිදහසක් නැති කම, මාව ලිවීමෙන් ඈත් කළා.


මම මේ ලියන්නේ ජපන් රටේ ඉඳන්, වැඩිදුර අධ්‍යාපන කටයුතු වලට ආ ගමන්. මේ ආ ගමන තමයි මම ඉහත කී පරිදි, මගේ ජීවිතේ සිදු වුනු වෙනස් කම. මේ ගමන ගැන ලියන්න තියනව දිග කතාවක්. ඒ කතාව තමයි අද පටන් ගන්නේ. කම්මැලිකම පැත්තක දාල සතියකට වරක් වත් මේක දිගටම ලියන්න බලාපොරොත්තු වෙනව.


මම කලින් දවසක අපේ ඩුඩ් ගේ බ්ලොග් එකෙත් කොමෙන්ට් එකක් දැම්ම. අපි සමහරක් අයට ජීවිතේ සමහර දේවල් ලබාගන්න පුදුමාකාර කට්ටක් කන්න සිදු වෙනව. ගොඩක් දේවල් උපතින්ම හිමි වුනු වාසනාවන්ත අය ඉස්සරහ සමහර වෙලාවට විහිළුවක් බවට පත් වෙන්න සිදු වෙන්නේ, මේ නිසා. මේ ජපන් ආපු ගමනත්, ඒ වගේ එකක්. පුදුමාකාර කට්ටක්. ඉතින් අහන්න, මගේ කතාව.


**********


පෙරවදන

විශ්ව විද්‍යාලයෙන් පිට උනාට පස්සෙ, මට උවමනා උනා රැකියාවකට යන්නට පෙර වැඩිදුර අධ්‍යාපන කටයුත්තක නියැලෙන්න. මම විදේශීය විශ්ව විද්‍යාල කිහිපයකටම, උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව සඳහා අයදුම් කලත්, ඒ එකක් වත් මට ලැබුනේ නැහැ. මා හා සමාන අධ්‍යාපන සුදුසුකම් ඇති මිතුරු මිතුරියන්ට, ස්වකීය ප්‍රථම අයදුම් පත ම සාර්ථකයි කියල දැනුම්දීම් ලැබෙනකොට, මගේ අයදුම් පත් ප්‍රතික්ෂේප උනා. මම ආස කරන, සමුද්‍රාසන්න ඉංජිනේරු විද්‍යාව සඳහා තිබුණු උග්‍ර තරඟකාරී බව මේ සඳහා එක හේතුවක් වෙන්නට ඇති. නැත්නම් ඇත්තටම එක්කෝ ඒ මම අවාසනාවන්ත නිසා වෙන්නට ඇති. කොහොම උනත්, අවස්ථා වැඩිපුර ඇති, වෙනත් අංශයකින් උසස් අධ්‍යාපනය හදාරන්නට ගොඩක් අයගෙන් උපදෙස් ලැබුනත්, කැමැත්ත වැඩිපුර තියන විෂය අතහැර දමන්නට හිතට දැනුනේ දුකක්. සමහර වෙලාවට අපි කරන කියන දේවල් සාර්ථක නොවන විට හිතට දැනෙන වෙහෙස නිසා අපි පසුබට වෙන අවස්ථාත් තියනව. මටත් ඒ වගේ උනා.


ඇරඹුම

ඔහොම ඉන්න අතරේදී, මට කසාදයක් වත් කරල දුන්න නම් හරි කියල හිතාගෙන, අපේ අම්ම මට මනමාලයෝ හොයන්න පටන් ගත්ත. අපේ අම්ම මගේ හඳහන පරීක්ෂා කරවන්නේ මේ අතරේදී. “කසාද බඳිනකම් නම් මේ ළමයට ඉගෙන ගන්න රටින් පිට වෙන්න ලැබෙනව බොරු”

මගේ හඳහන කිවුවේත් එහෙමයි.



කාලෙකින් ලියන නිසා දිගටම ලියන්න කම්මැලියි. ඉතුරු ටික ඉක්මනටම ලියන්නම්. එතෙක් ඉවසීම වෙනුවෙන් ඔබට ස්තුතියි.


ජීවිතේ වෙහෙසයි නම්, මඳක් ගිම් නිවන්නට


32 comments:

  1. මොකක්ද අප්පා පටන් ගන්නකොටම ඉවරනෙ.මීට වඩා හොඳා නොලියම හිටියනං.කාලෙකින් ලියනකොට ටිකක් දිගට ලියන්න එපැයි.

    ReplyDelete
    Replies
    1. හැලප තුමාට තරහ ගිහින් වගේ.
      මම ඉතුරු කොටස ඉක්මනටම ලියනව.. ඒ නිසා සමා වෙලා ඉවසන්නකො.

      Delete
  2. අම්මපා මේකේ දිග. එක්කෝ මේක පෙරවදන කරලා අනිත් එකේ ඉදන්ම කතාව පටන් ගන්න තිබුනනේ.

    ReplyDelete
    Replies
    1. ඉවසලා ඉන්නකෝ, කට්ටියටම තරහ ගිහින් වගේ..
      අනිත් එකේ ඉඳන් තමයි කතාව පටන් ගන්නේ ඉතින්.

      Delete
  3. මෙහෙම ඉවර කරනවද යකෝ??

    ReplyDelete
    Replies
    1. අනේ තරහ නැතුව ඉන්නකෝ ඉතුරු ටික දාන්නම් ඉක්මනට.
      රූපේ මේ පළමු කොමෙන්ටුව නේද මිනිසුන් අතර අඩවියේ.. බොහොම ස්තුතියි මේ පැත්තේ ආවාට. ආදරයෙන් පිලිගන්නවා.

      Delete
  4. මම ජපන් ඇනෝවෙක්, බොරු කරල අහු වුනොත් මඩු වලිගෙන් තලන්නෙ තේරුණාද

    ReplyDelete
    Replies
    1. සිංහල කොටන ජපං ඇනෝවෙක්
      හික්ස්

      Delete
    2. ජපන් ඇනෝ,
      බොරු නොකරමි. ඉතුරු කොටස ඉක්මනටම දමමි.

      Delete
    3. මහේෂ්,
      ඒක තමයි. හරිම ෂෝක්..

      Delete
  5. මේක මාර කතා ලිවිල්ලක් නෙ පටං ගත්ත ගමං හුටස් ගාල නවත්තන සිරිතක් තියේය

    ReplyDelete
    Replies
    1. අයියෝ මහේෂ්.. ටිකක් ඉවසන්නකෝ ඉතුරු කොටස දාන්නම් ඉක්මනට.

      Delete
  6. ලස්සනට ලියනව. නිවාඩු වෙලාවක ඔක්කොම කියවල බලන්න ඕන...... මගේ සුබ පැතුම්... :)

    පාර හොයාගත්තෙ අජිත් කුමාරගෙ බ්ලොග් කියවනයෙන්.

    ReplyDelete
    Replies
    1. /ලස්සනට ලියනව./
      මඩු වලිගයක් නැද්ද අප්පා ...

      Delete
    2. අන්ධකාර තාරකාව,
      බොහොම ස්තුතියි මේ පැත්තේ ඇවිත් සුබ පැතුවට. ඔයාට පැයක් දෙකක් ඇතුලත කියවන්න පුළුවන් වෙයි මම අවුරුද්දක් දෙකක් තිස්සේ ලියපු ඔක්කොම.

      Delete
    3. විදානේ,
      ඔය බලන්නකෝ ඉතින්. හැමෝම බනිනකොට මේ දරුව විතරයි මගේ හොඳක් කිවුවේ. ඒ දරුවටත් තලන්නද හදන්නේ.

      Delete
  7. ඔය තියෙන්නෙ...ඔය තියෙන්නෙ..ඔය තියෙන්නෙ ලියල..ඔන්න හොඳට බලාගන්ට ළමයි ඔහොම තමයි කතාවක් ලියන්නෙ...තේරුණා නේද?

    අම්මාපල්ල මොකටද ඉතිං මම කියන්නෙ....අර ජපං ඇනෝ කිව්ව වගෙ ගෝල්පීස් එකට ගෙනල්ල මඩු වලිගෙං තලන්ට තියෙන්නෙ උඹට..මහේලට සංගට නෙවෙයි .:)

    ReplyDelete
    Replies
    1. ඉතුරු කොටස ඉක්මනට ලියන්නම් රවී තුමා. තරහ ගත්තම ඉක්මනට වයසට යනවලු.
      මඩු වලිගෙන් තැලුවම ඒ වේදනාවට රෙස්ට් කරන්න වෙයි ගොඩක් දවස්. එතකොට ඉතින් ඉතුරු කොටස ලියන්න බැරි වෙයි. ඒ නිසා එහෙම කරන්න එපා.

      Delete
  8. නවත්තන්න ලියලා නැහැනේ........ පටං ගන්න අපි ඉන්නවා කියවන්න..... සුපිරියි ජය...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කුරුටු. හැමෝම දොස් කියන වෙලාවේ මෙහෙම කොමෙන්ටුවක් දාපු එකත් ලොකු සතුටක්. බොහොම ස්තුතියි. ඔබටත් ජය.

      Delete
  9. යකාගේ බ්ලොග් ලිවිල්ල

    ReplyDelete
    Replies
    1. යකා නැවැත්තුවනේ බූරුවෝ...

      Delete
    2. අටම්,
      යකාගේ කොමෙන්ට් දැමිල්ල. හී..

      Delete
    3. විදානේ,
      මොකද්ද අනේ යකා බූරුවා කියල බනින්නේ.. ටිකක් ඉවසන්නකෝ ඉතුරු කොටස දාන්නම්.

      Delete
  10. නෙලුම් යායෙන් පාර අහගෙන මාත් ආව ඔන්න මේ පැත්තේ.. ෆලෝ කරන්නයි කල්පනාව.. හිටන්ම කියවගෙන එන්නම්කෝ..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මේ පැත්තේ ආවාට. ආදරයෙන් පිලිගන්නවා මේ පැත්තට.
      මම අම්බලන්ගොඩ කතා කියවනවා. ඒත් කවදාවත් කොමෙන්ටු දැම්මේ නැහැ මම හිතන්නේ, කැම්පස් එකේ ගූගල් එකවුන්ට් එකෙන් ලොග් උනාම ආපහු ලොග් අවුට් වෙලා එක් මානවිකාවක් එකවුන්ට් එකෙන් ලොග් ඉන් වෙන්න ඕන කොමෙන්ටු දමන්න. ඒ නිසා ගොඩක් බ්ලොග් වලට කොමෙන්ටු දමන එක මගහැරෙනව. ඔබේ ලිපි ඉතා රසවත්. අනික මමත් දකුණේ. ඉතින් හරිම සමීප ගතියක් දැනෙනව.
      හිටන් කියෙව්වොත් කකුල් රිදෙන්න ගනීවි. වාඩිවෙලා කියවන්න.

      Delete
  11. ඔන්න මාත් ආවා....කතාව දිග වැඩිනේ..හැක්

    ReplyDelete
    Replies
    1. දෙවෙනි මහේෂ්,
      බොහොම ස්තුතියි මේ පැත්තේ ආවාට. ආදරයෙන් පිලිගන්නවා මගේ අඩවියට.
      කෙටි කතාවක් කියල හිතමුකෝ. ඉතුරු කොටස දාන්නම් ඉක්මනට. ජයවේවා!

      Delete
  12. රයිට් එහෙනං එමා එක්ක ජපානෙත් නැගිටියි....

    දිගටම ලියමු එහෙනං
    ජ ය වේ වා !!

    ReplyDelete
    Replies
    1. විදානේ,
      ලංකාවම දැන් "හිටන්" නේ. ආයේ නැගිටින්න දෙයක් නැහැ නේ. ජපානේ නම් තාම ඉඳන් තමයි ඉන්නේ.
      ඉක්මනටම ලියන්නම් ඉතුරු කොටස. ජයවේවා!

      Delete
  13. ආපු පළමුවෙනි දවස. ඊලඟ කොටස ඉක්මනට දාන්න.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මේ පැත්තේ ආවාටත්, කොමෙන්ටුවටත්.
      ඔන්න දැම්මා ඊළඟ කොටස :)

      Delete

ඉවත දමන්න බැරි කතා

අන්තර්ජාලයෙන් හමු වූ, ඉංග්‍රීසියෙන් ලියවුණු, මිහිරි කතා පෙළක්, සිංහල පාඨක ඔබ සමග, මෙසේ බෙදා ගන්නෙමි. මුල් ලිපිය:  https://brightside....