April 02, 2013

මට දෙන්න මගෙ පුංචි කාලේ

අපි පුංචි කාලේ, අපි අහපු දේවල් ආපහු අහද්දී, දැකපු දේවල් ආපහු දකිද්දී, අපි ආපහු හිතින් යනව ළමා කාලෙට...

ගොඩක් වෙලාවට, අපේ ළමා කාලේ දැකපු මිනිස්සු දැන් වයසට ගිහින්, එහෙමත් නැත්නම් ඒ කාලේ ගොඩක් අවධානය දිනාගනිපු වැඩිමහලු අය දැන් මැරිලා. අපේ ළමා කාලේ අපි දැකපු බොහෝ ගොඩනැගිලි දැන් වැඩිදියුණු කරලා, එහෙමත් නැත්නම් ඒවා කඩල දාලා, ඒ තැන් වල අලුතින් ගොඩනැගිලි හදලා. ඒ කාලේ කැලේ වැවිල තිබුණු පාලු ඉඩම් වල දැන් ගෙවල් හදලා. ඉතින් පුංචි කාලේ දැකපු ගොඩක් දේවල් දැන් දකින්න නැහැ. 

ඒත් අපි පුංචි කාලේ අපි අහපු දේවල්, විශේෂයෙන්ම අපි අහපු සින්දු, තවම ඇහෙනවා අපට. ඒ ගීත ඇහෙනකොට, හිතින් පුංචි කාලෙට ගිහින්, ඒ කාලේ හිතේ තිබුණු සතුට, සැහැල්ලුව, විඳින එක හරිම සුන්දර අත්දැකීමක්.

මම පුංචි කාලේ මම අහපු සින්දු කීපයක්, මම බෙදාගන්න හිතුවා. මේ සින්දු සමහර ඒවායේ තේරුම ඒ කාලේ තේරුනේ නැතත්, ඒ සංගීතය, තාලය, රසවිඳින්න පුළුවන් උනා.

සමනොළ සිරිපා පියුම දොවාගෙන 
පීදෙන ගොයමේ නෑඹුල් සුවඳින්
නිල් උපුලී මල් කැකුලී
ජලේ ගැඹුර ඔරුව දන්නෙ නෑ


ජලේ ගැඹුර ගීතයේ තියෙන, "දුව දෙන්න බෑ කියාවිදෝ" කියන කොටස, මම ගැයුවේ, "පුටුව දෙන්න බෑ කියාවිදෝ" කියල මට මතකයි.

මේ පෝස්ට් එක කියවලා, ඔයාලා පුංචි කාලේ අහපු, ආපහු අහද්දී හිතින් ළමා කාලෙට පියමන් කරන ගීත, පහලින් කොමෙන්ට් කරලා යන්න.









17 comments:

  1. ජයවේවා!! දිගටම යමු. අපි එන්නම් ඔබත් සමග.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි.. ජයවේවා!

      Delete
  2. මේකට ෆෝල්ලොවෙර් එකක් දාන්න. එතකොට ලේසි, අනික ඔය වෙරිෆිකේෂන් අයින් කරන්න, එහෙම නැත්නම් කමෙන්ට් කරන්න අමාරුයි.

    ReplyDelete
    Replies
    1. ආයෙම සැරයක් ස්තුතියි.. මම තාම ආධුනිකයි බ්ලොගර් වලට, ඉතින් තාම මේ ගැන ඉගෙන ගන්න ගමන්..

      Delete
  3. මට මතකයි පෙර පාසල් කාලේ ප්‍රසංගයකට මල් සුගන්දේ සිංදුව අපි ලව්වා පාඩම් කෙරෙව්වා. ඒ වගේමයි ඉස්කෝලේ 1 වසරේ තිබුණු ප්‍රසංගයකට අපේ ගෑණු ළමයි කට්ටියක් රතු පාට මල් මට තාම මතකයි [රතු පාට මල්ද කියලා ෂුවර් නැහැ] සිංදුව කියන ගමන් නර්තනයක් කළා.

    ඒ සිංදු දෙකට අමතරව පොඩිම කාලේ මගේ කටේම තිබුණු සිංදු දෙකක් තියෙනවා. එකක් තමා උෂිකමිටා කියන පංජාබ් සිංදුව. උසි කපුටා කියලාත් ඒක කිව්වා වගේ මතකයි :D

    අනික් සිංදුව තමා කොම්බුලේ සිංදුව [පොම්බුලේද මන්දා] තේරුමක් මුකුත් දන්නේ නැතිව ඒකත් ඒ කාලේ කියව කියව හිටියා වගේ මතකයි

    ReplyDelete
    Replies
    1. ආහ් මට කියන්න අමතක වුණා. මේ බ්ලොග් එක ගැන තව අයට දැනගන්න බ්ලොග් එක සින්ඩිවලට එකතු කරන්න. මෙන්න ඒවාට පාරවල්

      http://kottu.org/
      http://syndi.lankeeya.lk/
      http://sinhalabloggers.com/

      Delete
    2. මේ පැත්තේ ආවාටත්, කොමෙන්ට් එකටත් බොහොම ස්තුතියි. ආදරයෙන් පිලිගන්නවා හසිත. බ්ලොග් සින්ඩි වලට පාර කියලා දුන්නට, ආයෙම සැරයක් ස්තුතියි.

      Delete
    3. ඒ වගේම, අදින් උදා වූ අලුත් අවුරුද්ද, ඔබටත්, පවුලේ සැමටත්, සුභ අලුත් අවුරුද්දක් වේවා!

      Delete
  4. අමිතා වැදිසිංහ මහත්මියගේ හිරු කුමරුය සදකුමරියි ඉස්සර කාලේ
    ඊට පස්සෙ කලෙදි ඇසේ මතුවන කදුළු බිදුගෙන - ඔබේ සිරිපා දොවන්නම්
    පස්සෙ කොල්ලො කෙල්ලන්ට ඇදලා ආජුතපර ලාහිලා නැටුවා අද වගේ මතකයි

    ReplyDelete
    Replies
    1. ළමා කාලයේ මතකය හරිම සුන්දරයි.. බොහොම ස්තුතියි මේ පැත්තේ ආවාට සහ කොමෙන්ට් එකට.

      Delete
    2. කියන්න අමතක උනා.. අදින් උදා වූ අලුත් අවුරුද්ද, ඔබටත් පවුලේ සැමටත් සුභ අලුත් අවුරුද්දක් වේවා..

      Delete
  5. අදයි දැක්කේ එන්නම් දිගටම.
    ලබන්නා වූ අලුත් අවුරුද්ද ඔබ ට පවුලේ සැමට වාසනාව ගෙනේවා.....
    මම සමකය වටේ ලියන නලින්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ආවාට, සහ කොමෙන්ට් කලාට. ඔබටත් පවුලේ සැමටත්, ලැබුවා වූ නව වසර, සුභ අලුත් අවුරුද්දක් වේවා..

      Delete
  6. බැරි බර කරේ තියන්, දෙපයට වාරැ අරන්... මතකද යාලුවනේ මේ සින්දුව

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. මං ඔයාගෙ ලියමන් දැක්කේ අද....

    මේ මුලු ඔක්කොම කියවන ගමන්....

    අපේ යාලුවෙකුගෙ නංගි කෙනෙක් හිටියා, එයා පුරහඳ ලෙස ඔබ සමකල මගෙ මුහුනේ සින්දුවෙ, "ඔබ සිටු කුමරියකට බහ දුන්නාදෝ" කියන කෑල්ල කියන්නෙ "ඔබ සිටු කුමරියකට වහ දුන්නාදෝ" කියලා. ඒ චූටි කෙල්ල දැන් කසාද ත් බැඳලා!

    මං පොඩි කාලෙ හිතාගෙන හිටියා," කෝමා පැතු ඔබේ ආදරේ" සින්දුවෙ කෝමා කියන්නේ කාගෙ හරි නමක් ය කියලා!

    ReplyDelete
  9. මං ඔයාගෙ ලියමන් දැක්කේ අද....

    මේ මුලු ඔක්කොම කියවන ගමන්....

    අපේ යාලුවෙකුගෙ නංගි කෙනෙක් හිටියා, එයා පුරහඳ ලෙස ඔබ සමකල මගෙ මුහුනේ සින්දුවෙ, "ඔබ සිටු කුමරියකට බහ දුන්නාදෝ" කියන කෑල්ල කියන්නෙ "ඔබ සිටු කුමරියකට වහ දුන්නාදෝ" කියලා. ඒ චූටි කෙල්ල දැන් කසාද ත් බැඳලා!

    මං පොඩි කාලෙ හිතාගෙන හිටියා," කෝමා පැතු ඔබේ ආදරේ" සින්දුවෙ කෝමා කියන්නේ කාගෙ හරි නමක් ය කියලා!

    ReplyDelete