April 27, 2014

බෝඩිම් හොයපු හැටි - 2

.
බබාල මට හිනා වෙනව නේද?”

අත ළඟයි කියපු බෝඩිම හොයාගෙන අපි යනවා යනවා යනවා. කෙළින් යනවා, හැරිලා යනවා, ආපු පාර අපට මතක නැති තරම්.

මේ ආපහු යන්නේ කොහොමද

අපරාදේ පාර දිගේ කොළ අතු කඩ කඩ එන්න තිබුනේ

දැන් නම් තව ටිකකින් කලුවරත් වැටේවි

ඇත්තටමයනවා යනවා ඉවරයක් නැහැකියන යෙදුම මම ප්‍රායෝගිකව අත්වින්දා ගමනේදී.

 මේ දෙබස් නුහුරුයි වගේ නම්, මෙතනට ගිහින් මතකය අලුත් කරගෙන එන්න...

******** 
අන්තිමටම, සියලු බිය දුරු කරමින්, සැක නිමා කරමින්, අප සිටියේ සුවිසල් නිවසක් අබියස


අද එතැන් සිට...

බලෙන්ම වගේ අපේ කතා නායිකාව වෙච්ච ඇන්ටි, අපිව ඒ ගෙදර අයිති කාන්තාවට අඳුන්වල දුන්න. 

"කාමරේ තියෙන්නෙ උඩ, අපි ගිහින් බලමු, කාමරේ දැනට නම් පොඩි බඩු වගයක් දාල තියෙන්නෙ, අස් කරල දෙන්නම්කො ඔයාලට"

පඩි පෙලෙන් උඩට නැගපු අපට දිස් වුනේ බඩු වලින් පිරුණු කුඩා කාමරයක්.

"ආන්ටි, අපි මේ හය දෙනෙකුට තමයි බෝඩිමක් හෙවුවෙ"

"ආ... ඇතුලේ කාමරේත් තියනව, ඒකත් එක්ක නම් හය දෙනෙකුට ඉන්න පුළුවන් වෙයි, පොඩ්ඩක් ඉන්නකො මම හස්බන්ඩ් ගෙන් අහල කියන්නම්, එතකම් ඔයාල වාඩි වෙලා ඉන්න"

මෙච්චර වෙලා ඇවිදගෙන ඇවිත් දැනුනු මහන්සිය නිසා, වාඩි වෙන්න ලැබුණු ඇරයුම දැනුනේ හරිම මිහිරි විදියට.. අපි ඉතින් වාඩි වෙලා හති ඇර ඇර හිටිය. ටික වෙලාවකින් ගෙදර අයිති ආන්ටි ආව.

"අනේ ඇතුලෙ කාමරේ දෙන්න නම් මහත්තය කැමති නැහැ, එයා ටීවී එක බලනවා මෙතන ඉඳන්, ඉතින් එයාට ඩිස්ටර්බ් නේ"

"ඉතින් ඔය බබාල තුන්දෙනා මෙහෙ ඉන්නකෝ අනිත් බබාල තුන් දෙනාට වෙන බෝඩිමකට යන්න කියල" ඔන්න එතකොටම අපේ කතානායක ඇන්ටි හඬ අවදි කළා.

"අනේ එහෙම බැහැනේ ඇන්ටි"

තුන් දෙනෙකුට ඉන්න නෙවෙයි, හය දෙනාටම ඉන්න ඉඩ දුන්නත් ඒ ගෙදර ඉන්න අමාරුයි අපට.. උදේ හවස දිනපතා අර කුඹුර මැදින් දිය කඩිත්ත උඩින් යන්නේ කොහොමද.. හරි නම් දැන් අපි කල යුත්තේ නැගිට, ඇයට ස්තුති කර පිටව යාමයි. නමුත් දැනුනු වෙහෙස විසින් අපව අසරණ කළා.

"අනේ ආන්ටි, අපි ටිකක් මහන්සි අඩු වෙනකම් වාඩි වෙලා ඉඳල ගියාට කමක් නැහැ නේද"

"ආ.. කමක් නැහැ.. මේ සිත්ති, ඔයා කොයි පැත්තෙන්ද මෙයාලව එක්කගෙන ආවෙ"

"මම වෙල පැත්තෙන් ආවෙ නෝනා, මෙයාලට ෂෝට් කට් එක පෙන්නන්නත් එක්ක"

කතා නායක ඇන්ටි ගේ ෂෝට් කට් එක විසින් අපේ උතුර දකුණ මාරු කර ඇති බව ඇයට තේරුම් යන්න ඇති..

"සිත්ති, ඔයා යනකොට මේ මිස්ලව පන්සල පැත්තෙන් එක්කන් යන්න"

පින්තූරය http://www.123rf.com/clipart-vector/buddhist_temple.html වෙතින්


******** 
ආපසු එන්න හිතාගෙන අපි එලියට බැස්ස. දැන් ආයෙත් ඇන්ටි ඉස්සරහින් යනව, අපි පිටිපස්සෙන් යනව. ඔහොම යනකොට ලොකු වඩු මඩුවක් හම්බුනා, එහි වඩු මහතෙක් වැඩ කරමින් සිටි හිටියා. ඇන්ටි හඬ අවදි කළා.

"මේ ළමයි කැම්පස් එකේ, බෝඩිමක් හොයනවා"

"ඉතින් මට මොකද" කියන බැල්මකින් ඒ මනුස්සය අපි දෙස බලද්දි, අපි බිම බලාගෙන හෙමීට ඇන්ටිගේ පස්සෙන්ම ආව, ඇත්තටම යලි ප්‍රධාන පාරට එන හැටි දන්නේ කතානායක ඇන්ටි පමණයි, ඉතින් අපි ඇගේ පස්සෙන් යන්න ඕන.

ඇන්ටි ලොකු රවුමක් එක්කගෙන ගිහින් අන්තිමට අපිව පන්සල ලඟට එක්කගෙන ආව. පන්සල දැක්කම ගෙදර දැක්ක වගේ සතුටක් දනුනෙ, ඒ ගමනේ අපිට හමුවුණු, කලින් ඉඳන් දැන හිටි එකම ස්ථානය එය පමණක් නිසා.

ප්‍රධාන පාරට ආවට පස්සෙ අපට තේරුණා, අපේ කතානායක ඇන්ටි විසින්, බෝඩිම කැම්පස් එකට ලඟයි කියලා අපට පෙන්නන්න, අපිව ලොකු රවුමක් එක්කගෙන ගිහින් තියෙන බව..

පහල පින්තූර බලන්නකො,


එයා අපිව එක්කගෙන ගියේ මෙහෙම


අපි ආපහු ආවෙ මෙහෙම





හරි මිනිහෙක් නම් එයාට අපිව එක්කගෙන යන්න තිබුණ මෙහෙම

ඇන්ටි දැනගෙන හිටිය පහලම තිබෙන රූපෙ විදියට අපිව එක්කගෙන ගියා නම්, අපිට බෝඩිම තියෙන්නේ කැම්පස් එකේ ඉඳන් ගොඩක් දුරින් බව තේරිලා, එයාගෙ පස්සෙන් එන්න කැමති වෙන්නෙ නැති බව. ඒ නිසා එයා මුලින්ම බෝඩිම කැම්පස් එකට ළඟ බව පෙන්නන්න බොරුවට කැම්පස් එක පැත්තට අපිව එක්කගෙන ගිහින්, පසුව දිග පාරේ ගියා..


********

පන්සල ලඟට ආවට පස්සෙ, අපේ අනිත් යාළුවො තුන් දෙනාගෙන් කෙනෙක් කෝල් කළා මට..

"මේ... ඔයාල කොහෙද ඉන්නෙ? ඇයි කවුරුවත් ෆෝන් ආන්සර් කරන්නෙ නැත්තෙ? අපි මේ ඔයාලව හොයන්න ෆස්ට් ලේන් එකට ආව.. ඔයාල ඉන්න තැන කියන්න, අපි එතනට එන්නම්"

"නෑ නෑ ෆස්ට් ලේන් එකේ ඇතුලට යන්න එපා.. අපි මේ පන්සල ළඟ ඉන්නෙ. 255 පාරෙ ඉන්න අපි එනකම්" 

මම කෝල් එක කට් කලාම, මගෙ ලඟින් හිටපු අය මෙහෙම ඇහුව.

"එයාල බලන්න ගිහිපු ගෙදර හරිද දන්නේ නැහැ නේද"

"මට ඒක නම් අහන්න බැරි වුනා නෙ"

"ගිහින් බලමුකෝ"



අපි අපේ යාලුවන්ව හම්බෙන්න පිටත් වුනා. අපි යනකොට යාළුවො තුන්දෙනා පාර අයිනට වෙලා අපි එනකම් බලන් ඉන්නවා..ඔවුන් අපි ගැන හොඳටම බය වෙලා.

"ඔයාල කවුරුවත් ෆෝන් ආන්සර් කලේ නැහැ. ඒ ඇන්ටි කිවුවේ බෝඩිම තියෙන්නේ ෆස්ට් ලේන් එකේ කියලනෙ, ඉතින් අපි ෆස්ට් ලේන් එකට ගියා. ඒක පටන් ගන්න හරියෙම තට්ටු දෙකේ ගෙයක් තිබුණ. අපි එතන ඉස්සරහට වෙලා ඉඳගෙන උඩ තට්ටුව දිහා බලාගෙන කෝල් ගත්ත. මානවිකා විතරයි ආන්සර් කලේ. අපි හිතුවෙ කවුරුහරි ඔයාලව ඒ ගෙදර උඩ තට්ටුවෙ හිරකරගෙන කියල"

 අපේ බෝඩිම බලන්න ගිහිපු විස්තරේ අපි ඔවුන්ට කිවුවා. ඊට පස්සේ ඔවුන් බලන්නට ගිහිපු නිවස ගැන අපි ඇහුව.

"ඔයාල ගිහිපු ගෙදර කොහොමද"

"ඒ මනුස්සය අලුත්ගම ඉඳන් එන ගමන් නෙ හිටියෙ, කොහොමහරි අපි කෝල් කලාම එයා කටුබැද්දේ කිවුව. ඉතින් අපි ටිකක් වෙලා මග ඉන්නකොට, එයා ඇවිත් අපිව එයාගෙ ගෙදරට එක්කගෙන ගියා. ගොඩක් දුර ගියා කොහොමහරි ඒ පැත්තේ යන්න ටිකක් බයත් හිතුන, පොඩි පොඩි ගෙවල් එක ළඟ වගේ තියෙන්නෙ. අපිට දෙන්න හදපු ගෙදරත් අපි කට්ටියට ඉන්න අමාරුයි වගේ, තාප්ප ගේට්ටු නැහැ"

පින්තූරය http://www.123rf.com/search.php?word=house&imgtype=2&t_word=&t_lang=en වෙතින්

 "ඉතින්?"

"එයා ගෙදර ලඟටම ගිහින් ගෙදර දොර අරින්න බලනකොට, එයා ළඟ යතුර තිබුනේ නැහැ.. එයා යතුර අලුත්ගම ගෙදර දාල ඇවිත් ලු"

"හපොයි, ඉතින්"

"එයා යතුරක් ඉල්ලන් එන්නම් කියල අල්ලපු ගෙදරට ගියා.. අපි බලන් ඉන්නවා ඉන්නවා එයා එන්නේ නැහැ.. බැරිම තැන අපි හිතුව ආපහු එන්න, අපි ඒ අල්ලපු ගෙදර කිට්ටුවට ගිහින් කෑගහල අපි යන බව එයාට කියනකොට එයා ඒ ගෙදර ඉඳන්ම අපට කිවුව ටිකක් ඉන්න කියල"

"ඊට පස්සෙ?" 

"අපි ආපහු බලන් හිටිය.. හවස් වෙනවා ටිකින් ටික, මදුරුවොත් කනව අපිව. ඔහොම බලන් ඉන්නව ඉන්නව ඒ මනුස්සය එන පාටක් නැහැ. බැරිම තැන අපි නොකියම එන්න ආව. අපි එනව දැකපු ඒ මනුස්සය කෑගහන්න ගත්ත, "ළමයිනේ... ඔහොම ඉන්න" කියල. ඒ උනාට අපි ආව අනේ"

ඔන්න ඔය විදියට එදා දවසෙ අපේ උත්සාහය වතුරෙ ගියා..



මගේ බ්ලොග් එකේ හිට්ස් 2000 පසු කළා. ඉතින් මගේ බ්ලොග් අඩවිය බලන්න පැමිණ කොමෙන්ට් දැමූ සහ නොදැමූ ඔබ සැමට ස්තුතියි..


පින්තූරය http://www.glitters123.com/glitters/thank-you/ වෙතින්












46 comments:

  1. ඔහොම තමයි හොද බෝඩිමක් හොයනව කියන එක කසාද බදිනවටත් වැඩිය අමාරු වැඩක්..
    පාර දැක්කම මතක් උනේ පරංගියා කොට්ටේ ගිය කථාව...
    2*10^20 කට වඩා යන්න බලමු..

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. කලබලයෙන් විවාහ වන්නා නිවී සැනසිල්ලේ පසුතැවේ කියල හෙමින් තමයි තීරණ ගන්න ඕන කසාද ගැන නම්.
      ඇත්තටම බෝඩිම් හොයන එක කසාද බඳින තරම් ම අමාරුයි, ඒ මදිවට මිනිස්සු බෝඩිමට එන ලමයින්ගෙ වංහුං හොයන්නෙ හරියට පව්ලේ කෙනෙකුට කසාද බන්දල දෙන්න වගේ. මට නම් ගානක් නැහැ අහන ඒවට හෙන ගහන්න වගේ උත්තර දීල දානව, ඒත් මගේ සමහර යාළුවො ඉන්නව ඒ වෙලාවට අපහසුතාවයට පත් වුනු.

      Delete
  2. හප්පේ... මෙවන් දුකක් හතුරකුට වත් නො වේවා!!!!

    ReplyDelete
    Replies
    1. ඒකනේ අප්පා..
      ඒ උනාට ඉතින් මෙහෙම උන නිසානේ ඔයාලට මේක කියවන්න වත් ලැබුනේ..
      එහෙම වත් හිතමු (පොසිටිව් තින්කින්)

      Delete
  3. 2000 ට සුභ පැතුම්.

    ඔය කරලා තියෙන්නේ. ඉතින් අන්තිමේදි කැම්පස් එකට ඔයිට වඩා ලඟ තැනක් හම්බවුනාද බබාලට?
    අපි ෂෝර්ට්කට් වලට හරිම ප්‍රිය ජාතියක්නේ. වරද ෂෝට් කට් එක ටිකක් දුර වීමයි.

    ඇත්තටම “යනවා යනවා ඉවරයක් නැහැ” කියන යෙදුම මම ප්‍රායෝගිකව අත්වින්දා ඒ ගමනේදී.

    මමත් අත්විඳලා තියෙනවා බීලා වැඩි වෙලා කබරයා දාපු දවසකයි. ඩයරියා හැදුනු දවසකයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඩුඩ් !
      //මමත් අත්විඳලා තියෙනවා බීලා වැඩි වෙලා කබරයා දාපු දවසකයි. ඩයරියා හැදුනු දවසකයි.//
      මටත් ඔය අත්දැකීම් 2 ම තියනවා.. කබරයා දැම්මේ බීල වැඩි වෙලා නෙවෙයි හැබැයි, (මම බොන්නේ නැහැ) බඩේ අමාරුවක් :D
      අර විද්යාගාරේ පරීක්ෂණ නල 28ක් මතට වමනෙ කලාට පසු ඔබතුමා බොන එක පාලනය කළා නේද.. අන්න මිනිස්සු :) (y)

      Delete
  4. 2000 ට සුබ පැතුම්.
    මානවීගේ මැප් නං කීයත් වටී කතාව හොඳටම තේරෙනවා මැප් ටික නිසා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි හැලපතුමා...
      ඔව් මැප් ටික නැත්නම් කතාව තේරෙන්නේ මොරටුව කැම්පස් ඉඳපු උන්ට විතරක්ම වෙන්න ඉඩ තිබුණ.. එහෙම වැඩක් නැහැනේ.

      Delete
  5. මානවී තාම බෝඩිමේද?.....
    2000ට සුභ පැතුම්....

    ReplyDelete
    Replies
    1. ඔහොම ඇවිදල ඇවිදල අපි බෝඩිමක් හොයාගත්ත.. දැන් ඉන්නේ එතන.
      ස්තුතියි චෙෆ් ආකිටෙක්ට් තුමා, සුභ පැතීම වෙනුවෙන්.

      Delete
  6. බබාලට නියම බබානිස් එක නේද? මාවත් කටුබැද්දේ පැත්තේ කරකවලා අතහැරියා වගේ වුනා ඇන්ටිත් එක්කම.

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නැහැ අරූ තුමා.. මාරම කට්ටක් කෑවෙ..

      Delete
  7. හයියෝ සල්ලි කිවුවලු.. මොනා වුනත් ඉතින් අත්දැකීම් වටිනවා කියනවනේ..
    2000ට සුබ පැතුම්..

    ReplyDelete
    Replies
    1. හයියෝ සල්ලි නෙවෙයි අනේ, අයියෝ කකුල් දෙක :D
      අත්දැකීම් වටිනවා තමයි ඇත්තටම දැන් මතක් වෙද්දී හිනා යනවා..
      අනික මේ විදියට පෝස්ට් එකක් ඔයාල එක්ක බෙදාගන්න ලැබුණෙත් ඒ ලබනකොට අමිහිරි, මතක් කරනකොට මිහිරි අත්දැකීම් නිසා නෙ.

      Delete
  8. මැප් ටික දාපු එක නම් නියම වැඩක්.. හොඳට තේරුණා වෙලා තියන දේ..

    අර මනුස්සයා යතුරත් නැත්තම් මොන එහෙකටද ඉන්න ඉන්න කියලා බෙරිහන් දුන්නේ?

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි බළල් හාමිනේ..
      මටත් ඕක හිතුණ, පස්සෙ විසඳුම් දෙකක් ඔලුවට ආව.
      1. අමතර යතුරක් අල්ලපු ගෙදර තියෙනවා ඇති
      2. ඒ යතුරට සමාන යතුරක් අල්ලපු ගෙදර යතුරු අතරේ තියනවද කියල බලන්න ඇති (ඒ දොරවල් හරියට අගුලු දමන දොරවල් නෙවෙයි නම් ඕනෑම යතුරකින් අරින්න පුලුවන්ද දන්නේ නැහැනෙ) :D

      Delete
  9. මේක නිකං "හැරී පොටර් " බැලුව වගේනේ

    ReplyDelete
    Replies
    1. මගේ රචනා රෝලින් නොනගේ වගේද? අනේ වාසනාවන් :D

      Delete
  10. ඔවට කියන්නෙ රබර් හෙවත් වන්නි හැතැප්ම කියල නෙව...
    මේු තව ටිකයි තියෙන්නෙ කියලව..
    ඒත් 20 කිමී විතර යනකං දන්නෙත් නෑ....
    ගෑල්ලමයිට වෙන්නැ අප්පා ඔය හැම පුස්නයක්ම තියෙන්නෙ...
    අපි නං ඔය අහුවිච්ච තැනක සෙට් වෙනව නෙව...
    කොයි බෝඩිමත් අන්තිමේ එකම තමං

    ReplyDelete
    Replies
    1. ගැහැණු ළමයි ඉතින් ටිකක් පරිස්සම ආරක්ෂාව ගැන හිතනවනෙ මහේෂ්..
      එහෙම නැතුව බැහැ. ආයෙ ඉතින් බාත්රූම් ටොයිලට් වල ආවරණය වී ඇති බව වගේ දේවල් ගැන අවධානය යොමු කරන්න වෙනව..
      පිරිමි ළමයින්ට නම් එයාලගෙ ආරක්ෂාව ගැන හිතන්න ඕන වෙන්නේ නැහැ මම හිතන්නෙ, බෝඩිමේ මිනිස්සු පිරිමි ළමුන්ගෙන් ආරක්ෂා විය යුතු මිසක්. :D
      ඇයි තව අර ඔයා ගිය සතියෙ කිහිපු නිරුවත් වානරයන්ගෙ කරදර :D

      Delete
  11. / හරි මිනිහෙක් නම් එයාට අපිව එක්කගෙන යන්න තිබුණ මෙහෙම /

    හරි බං ඉතිං ඇන්ටි මිනිහෙක් නෙවෙයිනෙ.....:)

    උඹ ඔය මොරා ගිය වෙලාවෙ පේරා ආවනං බං අපේ ගෙදර උඩ තට්ටුවෙ නවතින්ට තිබ්බ අපූරුවට. අම්මාපල්ල මම උඹෙං සල්ලි ගන්නෙත් නෑ එහෙනං..එන්ජිනියරිං ෆැකල්ටි එක අත දික්කලා වගෙ ළඟ...

    ReplyDelete
    Replies
    1. //උඹ ඔය මොරා ගිය වෙලාවෙ පේරා ආවනං බං අපේ ගෙදර උඩ තට්ටුවෙ නවතින්ට තිබ්බ අපූරුවට. //
      එහෙනම් ඉතින් ඔබතුමා පඳුරු තල තල ඉන්න අල්ල පනල්ලෙ මට වත් අර ගුරුවරී ගැන කතාව දිගටම ලියන් යන්ට තිබුණ "ගුරුවරියක සමග රවී මහතාගේ ජීවිතය" විදියට නම වෙනස් කරල.. මොකද උඩ තට්ටුවෙ ඉන්නව කියල පහල සිද්දවෙන දේවල් නොපෙනී නොඇසී තියන එකක්ය.

      //එන්ජිනියරිං ෆැකල්ටි එක අත දික්කලා වගෙ ළඟ...//
      අනේ රවී තුමා, ඔය "අත ළඟ අත ළඟ" කියල කියනව නේද.. මට දැන් ඒව සතේකට විශ්වාස නැහැ :)

      පේරාදෙණිය සුන්දර විශ්ව විද්‍යාලයක් තමයි. ඒත් ඉතින් නුවර ඉඳන් සති අන්තේ දකුණු පළාතේ අපේ ගෙදර යන්න ගියාම එපා වෙනවනේ...

      Delete
    2. / පේරාදෙණිය සුන්දර විශ්ව විද්‍යාලයක් තමයි. ඒත් ඉතින් නුවර ඉඳන් සති අන්තේ දකුණු පළාතේ අපේ ගෙදර යන්න ගියාම එපා වෙනවනේ… /

      පිස්සුද බොල?...ඔය පේරා ආපු රුහුණු කුමාරිල එකියක්වත් සති අන්තවල ගෙදර යන්නෙ නෑ. වැලිගම වගේද බං නුවර පලාත?..පේරාදෙණිය මල් වත්තෙ පාර පුරා වැටිච්ච රබරෝසියා මල් පියමංකොට අත් අල්ලාගෙන ඇවිදින්ට තියෙනව වගෙ චමත්කාරයක් කොහෙද බං ආයෙ වෙන?

      පලි - සිතියං තුන දැක්කෙ දැන් නෙව. උදේ ඔෆිස් එකේ ලෝඩ් වෙන්ට වෙලා ගිය නිසා අල්ලල දාල නිකං හිටිය. හෙහ්, කතාව සක්සුදක්සේ පැහැදිලි උනා බොලේ සිතියං දැක්කට පස්සෙ. මානවිකාස් ගෙ ප්‍රසන්ටේෂන් නම් A+… :)

      Delete
    3. බොහොම ස්තුතියි රවී තුමා.. මට මැවිල පෙනුණ සිද්ධිය.. :D
      ............................
      උපකල්පනය - මානවිකාවී, මල් වත්තේ රවුම් ගැසීම උදෙසා කැම්පස් ගිහිපු ගමන් අවාසනාවන්ත කොල්ලෙකු දැලේ දා ගනී.
      සති අන්තේ ගෙදර නොගිය මානවිකාවී ස්වකීය ස්නේහවන්තයා සමග මල් වතු උයන් තුරු වදුලු මත්තෙහි සැරිසරා, ගොම්මන් යාමය උදා වූ කල්හි, නිවස කරා පැමිණෙමින් සිටී..

      නිවස හිමිකරු : හුහ්. දවල් දවසෙම රවුම් ගහල එනව නේද මෙතන? හැදිච්ච ගෑනු ලමිස්සියෙක් ගෙදර එන්නෙ දැන්ද මම අහන්නෙ
      මානවිකාවී : නැතුව ඉතින්.. ඔබතුමා ඉරිදට නටන නාඩගම බලාගෙන මම කොහොමද නිවී සැනසිල්ලෙ බෝඩිමේ ඉන්නෙ? ගෙදරම රෙදි රෙදි වැලට දානවා, වහින්න එනකොට ආයෙ ගන්නවා, ආයෙ දානවා, ආයෙ ගන්නවා.

      Delete
    4. මචං රවී. මේ මානවිකා එක්ක කතාකරනකොට ටිකක් පරිස්සම් වෙන්න වෙයි අපි දෙන්නටම. උඹ කමෙන්ට් රිප්ලයි දිහා හොඳට බැලුවොත් තේරෙයි අපේ පරණ පෝස්ට් ඔක්කොම කියවලා දැනුමෙන් සන්නද්ධ වෙලා ඉන්නේ මේකි. පරස්පර විරෝධී තෙයක් කියවුනොත් ඉතිං අබ සරණයි. දැන් වචන ගැනලා මම කතාකරන්නෙත්. :D

      Delete
    5. ඩූඩ්......මම මේ බොලා දෙන්නාට කියන්න හැදුවා විතරයි!!

      Delete
    6. හෙන්රි,

      කියලාම වැඩක් නෑ බොලේ ඒ ගැන...මේ වනිතාවො ඔහොම්මමයි. අපෙ අරුන්දැ ඉන්නව නේද? කල්ප කාලයකට ඉහත සෙනේහෙ මෝරන කාලෙ මම කියපුව එකක් නෑර හිතේ තියාගෙන ඉඳල දීල අදිනව හිටපු ගමං මයිල් කොයිල් වෙලා යන්ට...

      අලි මදිවට හරක්..හරක් මදිවට කිණිතුල්ලො කිව්වැහෙ ඔන්න ඒ පාර මෙයැයිතුත් පටංගත්තෙ නැද්ද ඌරගෙ මාලු ඌරගෙම පිටේ තියල කපන්ට...

      Delete
    7. :D
      නැතුව ඉතින් කොහොම වසන්නද මේ පුරුස පක්සෙ උන්දල එක්ක.. උන්දල ඉර දෙන්නම් හඬ දෙන්නම් තරු දෙන්නම් කියල පොරොන්දු දීල අමතක කරල දමන හැටියට, අපිම මතක තියාගත්තොත් තමයි ආයෙ..

      Delete
  12. මෙන්න මගේ බොඩිම් කතාව ,දෙදෙහසට සුභ පැතුම්
    http://sahodarage.blogspot.com/2014/03/blog-post_26.html

    ReplyDelete
    Replies
    1. ඔන්න අද තමයි කියවන්න ලැබුනෙ...
      නිතර එන්න ඕන ඒ පැත්තෙ

      Delete
  13. ඒ මනුස්සයා බලන්න ඇති මේ කෙල්ලෝ අඟල් දෙකක් පයින් යන එවුන් නෙමෙයි ඉතින් නිකම් ඉන්න එකේ රවුමක් අරන් යනවා කියලා. අනික ඔය එක පාරට බෝඩිම් බලලා ගන්නවා නේද? අම්මෝ පහුවදාට කැරපොත්තොත් ඉඳියි ගෙදර පුරා.

    ReplyDelete
    Replies
    1. අනේ මගේ ඇඟ දිහා බැලුවනම් පයින් එක්ක යන්න හිතෙන්නෙ නැහැ, වැටකට හිටවපු කෝටුවක් වගේ.. ඒ රවුම ඇවිදලා තව කෙට්ටු උනා.
      ඔවු ඔයා කියන එක හරි. බෝඩිම් වල මට පෙන්නන්නම බැරි දේවල් තමයි මීයො ඉන්න එක සහ කැරපොත්තෝ හූනෝ ඉන්න එක.

      Delete
    2. මීයෝ, හූනෝ, කැරපොත්තෝ එක්ක දෙන්නේ නැතුව අලි,වලස්සු, මොණරු එක්ක දෙන්නැයි ඔය ගණන්වලට.

      Delete
    3. මනුස්සයෙක් කැන්ටිමෙන් කෑම එකක් අරන් කනකොට හූනෙක් හිටියලු. තරහෙන් මුදලාලි ලඟට ගිහිපු මනුස්සය මෙහෙම කිවුවලු.
      "මොනවද මුදලාලි මේ කෑම එකේ හූනෙක් නේ"
      "නැතුව ඉතින් මේ ගණන් වලට හැම් බේකන් දෙන්නද ඔහෙලට"

      තවත් මනුස්සයෙක් පාන් කනකොට අතුලෙ බීඩියක් තිබුනලු. තරහෙන් බේකරි මුදලාලි ලඟට ගිහිපු මනුස්සය මෙහෙම කිවුවලු.
      "මොනවද මුදලාලි මේ පාන් හදල තියන විදිය? අතුලෙ බීඩි"
      "ආ බීඩියට තව රුපියල් පහක් දෙන්න"

      උපාසක අම්ම කෙනෙක් අලුත ඉපදුනු පොඩි බලු පැටවු ටිකක් අරන් ඇවිත් පන්සල් වත්තට අත අරිනකොටම හාමුදුරුවො දැක්කලු.
      "මොකද මොකද උපාසක අම්මෙ කරන්නෙ ඔය, ඔහොමත් බලු පැටවු ගෙනත් දානවද පන්සලට"
      "අනේ හාමුදුරුවනේ අපේ ආදායමේ හැටියට, මෙහෙම වත් දෙයක් පන්සලට දුන්නොත් මිසක් ආයෙ, අලි ඇත්තු දන් දෙන්න පුළුවන්ය"

      Delete
  14. සුභ පැතුම් :D

    තව කොටසක් තියෙනවා නේද ?

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සුභ පැතුමට :D
      තව කොටසක් නැහැ.. ඊළඟ දවසේ අපට ඉන්න බෝඩිමක් හොයා ගන්න ලැබුණ..

      Delete
  15. Waiting for your next post !!!!!!!!!

    ReplyDelete
    Replies
    1. Dear Mr. Chef-architect, this post concludes the story "බෝඩිම් හොයපු හැටි". If I continue, the latter part will be dull.. Hoping to write something new, but I wish I had enough time.
      Since the survey camp starts next week for our junior batch, and since me too have to join, I have become little bit busy these days. I will try my best to find a free time :)

      Delete
    2. And it is a great pleasure to know that there are people who are waiting to see my writings, thank you very much

      Delete
  16. මරු වැඩක්නේ වෙලා තියෙන්නේ.. ඔහොම කරන එක නම් හරි වැරදී.බෝඩිමක් හොයනවා කියන එක නම් මාරම කට්ටක් තමයි...

    ReplyDelete
    Replies
    1. ඔව් බෝඩිමක් හොයන එක හරිම කට්ටක් තමයි, ඒ මදිවට හොස්ටල් එකෙන් "අහවල් දවසට කලින් යන්න" කිවුවම යන්න හරි හමන් බෝඩිමක් නැති එක, හිතට හරි බරක්...
      මොනව කරන්නද ඉතින්..
      බොහොම ස්තුතියි මේ පැත්තේ ඇවිත් කොමෙන්ටුවක් දැම්මට.

      Delete
  17. ඔය විඳියටම අපිත් කැළණිය වේවැල්දූවෙ බෝඩිමක් හෙව්වා.කොච්චර දුරට ගියාද කියනවානම් ආයෙම එන්න පාර අමතක වෙන තරම් දුරට ගියා.කැම්පස් ළමයින් ගියාම අහන විස්තර කියලා වැඩක් නැහැ ඔබ කියනවා වගේ.හැබැයි අපි අන්තිමේදි දිනුවා...........

    ReplyDelete
  18. Repo cars for sale -

    First of all I would like to say wonderful blog!
    I had a quick question in which I'd like to ask if you do not
    mind. I was curious to find out how you center yourself and clear your mind before writing.
    I have had a hard time clearing my mind in getting my ideas out
    there. I do take pleasure in writing but it just seems
    like the first 10 to 15 minutes are generally wasted simply just trying
    to figure out how to begin. Any recommendations or tips?
    Appreciate it!

    ReplyDelete
  19. කටුබැද්දේ අභිමානවත් සාමාජිකාවක් හින්දා ලියන්න හිතුනේ. මමත් මගේ නංගිට බෝඩිමක් හොයන්න මාර කට්ටක් කෑවා. එයා ආපු අලුත හිටියේ C හෝස්ටල් එකේ.දැන් නැවතිලා ඉන්නේ ආනන්දරාම පන්සල ලග. එයාලා කැම්පස් එද්දී මම කටුබැද්ද රාජකාරියෙන් මාරුවෙලා ගිහින්. මාත් කාපු කට්ට මතක් උනා මේක දැකලා

    ReplyDelete
    Replies
    1. කැම්පස් එක අවට බෝඩිම් හොයනවා කියන්නේ කට්ටක් තමයි. තියන ඒවා මනුෂ්‍ය වාසයට නුසුදුසුයි, එහෙම සුදුසු ඒවගේ වෙන වෙන ප්‍රශ්න. එක්කෝ ඇන්ටි රණ්ඩු කරනවා, නැත්නම් ඇඳුමක් වැලේ වනන්න නැහැ, නැත්නම් පාරේ කුඩු කාරයෝ, කසිප්පු කාරයෝ, එමට.

      මමත් ගිහිපු ගමන් C හොස්ටල් එකේ හිටිය. ඊට පස්සේ බෝඩිම් දෙකක හිටිය. ට්‍රේනින් ගිහින් ඇවිත් ෆයිනල් ඉයර් එක ආයේ B හොස්ටල් එකේ.

      දැන් අර පිටිපස්සේ අලුතින් හද හද තිබුණු හොස්ටල් හදල ඉවර නැද්ද තාම? එතන ගැහැණු ළමුන් 800 කට හෝ 400 කට (මට හරියට මතක නැහැ) පහසුකම් තිබුණු බව කිවුව මතකයි.

      Delete
    2. ඔය කියන්නේ කජුකැලේ එලි කරලා හදපු අලුත් ටික නේද? ඒවා මේ වෙනකම් විවෘත කරලා නෑ මේ සැරේ එන අලුත් නැවට නවතින්න දෙනවා කියලයි කියන්නේ

      මම දවස් දෙකක් රාහුලෙයි A හොස්ටල් එකෙයි නැවතිලා උන්නා මහපොල බැලන්ස් නොවී රෑ උන වෙලාවක මහ වැස්සේ.

      2010/11 BSc Design ඩිග්රියේ බැච් වීඩියෝ එකේ මහපොල ගන්න බැංකුවට එන මානවකයට මහපොල අද නොවේ හෙට කියන බෝඩ් එක පෙන්නන්නේ මම. වීඩියෝ එක මම දැක්කේ උන් එඩිටිං වලදී මට පෙන්නපු වෙලේ. යූටියුබු එකෙත් නෑ හොයන්න ඒක

      Delete