April 06, 2022

නින්ද අහිමි කරන හීන

 රටේ අම්මා වගේ හිටපු, ඇති උතුම් සේවයක් කරපු නිරූපමා රාජපක්ෂ මැතිණිය විදෙස්ගත වෙලා. බලන්න ඉතින් රට බේරාගත්තු අයගේ පවුල් වල අයට මේ රටේ කළගුණ නොදත් ජනතාව ඉන්න නොදෙන හැටි. එතුමිය කිසිම වරදක් කරලත් නැතිකොට, නිර්භීත පරම්පරාවක කෙනෙකුත් වෙච්චි කොට, මෙහෙ ඉන්න තිබුණෙ, කඩාකප්පල් කාරයන්ට උණ ගැනෙන්නත් එක්ක.


කඩාකප්පල් කාරයෝ ගැන හිත හිත ඉන්නකොට, දන්නෙ නැතුවම ඇස් පියවුණා..


එකපාරටම ලොකු එළියක් ආවා. නිල්, කහ, රතු, සුදු, තැඹිලි, පාට පාටින් වට පිට දිලිසුනා. මිහිරි පිච්චමල් සුවඳක් හැම තැනකම පැතිරී ගියා. රත්තරන් පාට දිලිසෙන රූපයක් හෙමින් මතුවුණා. හරිම මිහිරි ලස්සන හඬින්, දේශනාවක් පටන් ගත්තා.


"සියලු දෙනාට සමානව මෛත්‍රිය පතුරුවන්න. පන්සිල් රකින්න. කිසිම කෙනෙකුගේ ජීවිත වලට හානි කරන්න එපා. සොරකම් කරන්න එපා. වැරදි කාමසේවනයේ යෙදෙන්න එපා. බොරු කියන්න එපා. සුරාපානය කරන්න එපා."


"අනේ යන්න අනේ යන්න.", එකපාරටම පැත්තකින් ගඳ ගහන රූපයක් ඇවිත් අර මිහිරි දේශනයට බාධා කළා.


"ඔබ බටහිර NGO කාරයෙක්. අපේ නිර්මල බුදු දහම විනාශ කරන්න ආපු කෙනෙක්. එහෙම හැමෝටම මෛත්‍රී කරලා බුදු දහම රකින්න බෑ. අන්‍යාගමිකයින් කෑලි කෑලි වලට කපන්න ඕන, අනික අපට හොරකම් කරන්න එපා කියන්න ඔබතුමා කවුද? ගෑණු සීයක් විතර එක්ක නිදියගත්තේ නැති උන් කොහොමත් අදාළ නෑ, උන් පිරිමි නෙවෙයි, අනික ප්‍රෞඪ පෙනුමක් තියන ආරෝහ පරිණාහ පෙනුම තියන අයට ගෑණු ඕන තරම් ආකර්ෂණය වෙනවා, ඒවා නොදැක්ක වගේ ඉන්නවා නම් ඌ කොහොමත් පිරිමියෙක් වෙන්න බෑ. බොරු කියන එක අපේ වැඩක් ඒක ඔබ ප්‍රශ්නයක් කරගන්න එපා. අනික බාර් පර්මිට් එකක් දෙකක් නොදී කොහොමද අපි සිංහල බෞද්ධ ඡන්ද ටික අරන් මේ ආගමයි ජාතියයි රකින්නෙ? සරලවම මෙච්චරයි, ඔබතුමා NGO කාරයෙක්. බටහිරෙන් එන පිල්ලි අපට අදාළම නෑ, අපි මරාගෙන මැරෙන්නේ මේ රට, ජාතිය හා ආගම වෙනුවෙන්. ඔබට බෑ අපිව නවත්තන්න."


එක පාරට මට ඇහැරුණා. ඔලුව රිදෙනවා හොඳටම. කොට්ටේ ටිකක් හදාගෙන, අනිත් පැත්ත හැරිලා මම ආයේ නිදා ගන්න උත්සාහ කළා.


එකපාරටම විශාල සද්දයක් ඇහුණා. ආයුබෝවේවා මහරජාණනි කියල සින්දුවක් ඇහෙන්න ගත්තා. උස, ලස්සන ප්‍රතාපවත් පෙනුමක් තියන, සුදු සරමක් හා කමිසයක් ඇඳපු, රතු පාටින් සාටකයකුත් කර වටේ දාපු, උඩු රැවුලක් තියන, කෙනෙක් ආවා.


"මට මේ රටේ මිනිසුන්ගෙන් සමාව ගන්න අවශ්‍යයි. මම ඉතා විශාල මුදලක් කොමිස් විදියට අරගෙන තියනවා. තවත් විශාල මුදලක් සොරකම් කරලා තියනවා. මට ඉතා විශාල පසුතැවීමක් දැනෙනවා, කොටින්ම මම මැරුණට පස්සේ මට මොනවා වෙයිද කියලත් මට බයයි. කරුණාකරලා ඒ මුදල් ටික ආපහු බාර දීලා, හිත නිදහස් කරගෙන මට මැරෙන්න ඉඩ හදා දෙන්න, මට සමාවෙන්න."


"මේ මොකද මේ වෙලා තියෙන්නෙ?", එකපාරටම පැත්තකින් අර කලින් ආපු ගඳ ගහන රූපයම ඇවිත් අර කතාවට බාධා කළා.


"ඔබතුමාගේ සිහිය විකල් වෙලාද? ඔබතුමා කවද්ද සොරකම් කළේ? ඔබ කවදාවත් සොරකම් කරලා නැහැ, සොරකම් කලේ වෙන වෙන අය. අනිත් අය සොරකම් කරලා ඒකට ඔබේ නම පටලපු එක තමයි හැමදාම සිදු වුණේ. දැන් උනත් ඔබතුමාට මේ කවුරුහරි අනවශ්‍ය බලපෑමක් කරලා. නැත්නම් ඔබතුමාගේ සිහිය විකල් වෙලා. ඔබට බලපෑම් කලේ කවුද කියන්න, කෑලි කෑලි වලට කපනවා උන්ව. ඔබතුමා හොඳින් කෙලින් ඉන්න ඕන, බලපෑම් වලට යටත් වෙලා කොහොමද?"


ආයෙත් මට ඇහැරුණා. දැන් නම් ඔලුව කැක්කුම හොඳටම වැඩියි. මම නිදියගන්නා අදහස අත්හැරියා..


පසුගිය දවස් වල කතාබහට ලක්වුණු ඔස්කාර් සම්මාන උළෙලේ best picture විදියට සම්මානිත, CODA චිත්‍රපටය apple tv එකේ බලන්න පුළුවන් කියලා නොටිෆිකේෂන් එකක් ඇවිත් තිබුණා.. නිදාගන්න අදහස අත් ඇරපු නිසා  මම ඒක බලන්න පටන් ගත්තා.


ඒ චිත්‍රපටය ලස්සනයි. මම කොහේ හරි දැක්කා, කලාත්මක චිත්‍රපටයක් කොතනදී pause කලත් ඒ රාමුව ලස්සනට තියෙන්න ඕන කියල කතාවක්. මම ෆිල්ම් බලන්නේම නැති තරම්. වැඩිපුරම ආස නිදා ගන්න නිසා, අමුතු හීන පෙනිලා නිදාගන්න බය හිතෙන දවසක විතරයි මම චිත්‍රපටි බලන්නෙ. මම එහෙම බලපු අතලොස්සක් චිත්‍රපටි අතරෙන්, Pride and Prejudice (2005) චිත්‍රපටයට පස්සෙ දැකපු, ඒ ලක්ෂණය තියනවා යයි මට හිතුණු ලස්සන චිත්‍රපටයක් CODA. CODA කියන්නේ Child Of Deaf Adults කියන තේරුම. ධීවර පවුලක ඉන්න එකම දියණිය හැරුණම, ඇගේ දෙමවුපියනුත්, සහෝදරයාත්, බිහිරියි, ඔවුන්ට කතා කරන්නත් බෑ. ඉතින් මේ දියණිය තමයි ඔවුන්ගේ නිල නොලත් පරිවර්තක. ඇය සංගීතයටත්, ගායනයටත් ආසයි, නමුත් ඇගේ පවුලේ කිසිවෙකු සංගීතය හෝ ගායනය යනු කුමක්දැයි හරියටම දන්නේ නැහැ. ඔවුන්ගේ ජීවන අරගලයත්, ඇය වෙනුවෙන් උදවුවට ඉදිරිපත් වෙන පාසලේ සංගීත ගුරුතුමා ගේ උත්සාහයත් සමග දිව යන කතාව අවසන් වෙන්නේ, මේ දියණිය Berklee College of Music හි අධ්‍යාපනය ලබන්න ශිෂ්‍යත්වයක් දිනා ගැනීමෙන්.

සිංදුවකුත් අහමුද? 








10 comments:

  1. අපේ බාප්පව දැක්කා වගේ සන්තෝෂයි. මෙන්න කනෝ පිනුං:

    https://www.youtube.com/watch?v=VFoEDN-yobo

    ReplyDelete
  2. ++++++++++

    BTW, Cannabis කොච්චර ගත්තයින් පස්සෙද මේක වුණේ?

    ReplyDelete
  3. Replies
    1. ඇයි, කපුටාස් හෑව් හිට් ද කමෙන්ට්ද?🤣

      මේ අර CODA හොඳයි වගේ. ස්තූතියි ඔත්තුවට ඈ.🙏👌

      Delete
    2. නෑ නෑ කමෙන්ට් දාන්න බැරුව තිබුණ.

      ලඟදි format කරලා OS එක අලුතින් දාපු නිසා Chrome තිබුණේ නෑ. Chrome දැම්මම හරි ගියා. Safari වලින් blogger හරියට support වෙන්නේ නැහැ නේද?

      You are welcome, by the way. :)

      Delete
  4. මෙච්චර දවස් කොහෙද අතුරුදහන් වෙලා හිටියේ ? :-)

    ReplyDelete
    Replies
    1. මම අන්තිමට check කරද්දී කවුරුවත් ලිවුවේ නැහැ හැමෝම facebook youtube එකට ගිහින්. එහෙමම ලියන්න තිබුණු ආසාවත් අඩු උනා. ලඟදි තමයි දකින්න ලැබුණේ කට්ටිය ආපහු ලියන බව.

      Delete
    2. ඔව් එකනම් ඇත්ත. ඒත් බ්ලොග් එකක් කියවනවා තරම් මට නම් youtube සෙට් නැහැ. මමත් blog ලියන එකෙන් දැන් ඈත් වෙලා හැබැයි

      Delete