12.25.2013

"තෝරාගත් වපසරියක වෙසෙන ප්‍රජාවකට වැසිකිලි ඉදිකොට දීම"

නත්තල් නිවාඩුවෙ ගෙදරට වෙලා නිකන් ඉන්න අතරෙ, පහුගිය දවස් වල අහපු දැකපු පොඩි ඕපදූපයක් ගැන ලියන්න හිතුණ. මේක කියවන ඔබට හිනා ගියොත් හෙම, "මම අහල පහල ඉන්න අයට අපහාස කරනව" කියල එහෙම කියන්න එපා ඔන්න මම නම් කලේ දැනුම බෙදා හදා ගැනීමක් විතරයි හරිද.

මට පහුගිය දවසක අවස්ථාව ලැබුණ, ප්‍රථම වතාවට ජාත්‍යන්තර මට්ටමේ සම්මන්ත්‍රණයකට සහභාගී වෙන්න. ජාත්‍යන්තර සම්මන්ත්‍රණ කිවුවම ඉතින් විවිධාකාර ඒව තියනවනේ. ඔය අනේක විධ සම්මන්ත්‍රණ අතරින්, වාර්ෂිකව පවත්වනු ලබන මෙම සම්මන්ත්‍රණයේ සිදු කරන්නේ, එක එක රටවල් වල සහ ශ්‍රී ලංකාව තුල සිදුකරන ලද සිවිල් ඉංජිනේරු අංශයට අදාළ විවිධ පරීක්ෂණ, ගවේෂණ, වල ප්‍රතිපල ප්‍රසිද්ධියට පත් කරන එක. ඉංග්‍රීසියෙන් Research Symposium කියන්නේ මේවට තමයි. පශ්චාත් උපාධිධාරීන් සහ ශාස්ත්‍රවේදීන් වැනි විවිධ ඉහළ දැනුමක් හිමි පර්යේෂකයෝ සහභාගී වන මේ සමුළුවට, ඇත්තටම අපි සහභාගී වුනේ "මොනවද මෙතන වෙන්නේ" කියල දැනගන්න සහ ඒ පර්යේෂකයන්ව හැබැහින් දැක බලාගන්න තමයි. ඒ නිසා මේ ලිපිය නයෙක් කියල එහෙම හිතන්න එපා ඔන්න.

මේ සමුළුවේ එක අංගයක් තිබුණ "සීමා මායිම් රහිත ඉංජිනේරුවෝ" නමින්. එහිදී සිදු කෙරුනේ මේ ඉංජිනේරු සිසුන් සහ පර්යේෂකයන් විසින් සිදු කෙරුණු සිවිල් ඉංජිනේරු අංශයට අදාළ ප්‍රජා සේවා කටයුතු ඉදිරිපත් කිරීම. මෙහිදී බොහොම අගනා ඉදිරිපත් කිරීමක් සිදු කළා අපේ අසල්වැසි ඉන්දියාවේ සිසුවෙක්. එහි මාතෘකාව වුනේ "තෝරාගත් වපසරියක වෙසෙන ප්‍රජාවකට වැසිකිලි ඉදිකොට දීම". ඔහු ඉදිරිපත් කල මේ විස්තරය මගේ බ්ලොග් එකේ ඔයාලටත් බලන්න ලියන්න හිතුණ මට. පහතින් දැක්වෙන්නේ, ඉන්දියානු උච්චාරණයෙන් ඔහු කියපු කරුණු වලින් මම අමාරුවෙන් තේරුම් ගනිපු සහ මට මතක තිබුණු කොටස්, මට පුළුවන් තරමින් පරිවර්තනය කල පසු. බලන්න ඔවුන්ගේ ඉවසීම, අධිෂ්ඨාන ශීලී බව සහ කැපවීම කොතරම් ආදර්ශමත්ද කියා.

..................................................

"අපේ රටේ තියන ප්‍රධාන ගැටළුවක් තමයි ජනතාවට ප්‍රමාණවත් තරම් වැසිකිලි පහසුකම් නොතිබීම. විශ්ව විද්‍යාලය අවට ජීවත් වන ජනතාව හවසට වතුර බාල්දියක් අරන් පඳුරක් ඇතුලට ගමන් කරන දර්ශනය විශ්ව විද්‍යාලයේ සිටින අපට බොහොම සුලභ දර්ශනයක්. ඉතින් අපි තීරණය කළා අපේ ව්‍යාපෘතියක් ලෙසින් තෝරාගත් වපසරියක ජීවත් වන ජනතාවට වැසිකිලි පහසුකම් ඉදි කර දීමට.

පින්තූරය http://www.clipartof.com වෙතින්


මෙහිදී අපි මුලින්ම සිදු කලේ ගම්වැසියන් සමග සාකච්ඡා කිරීම. නිසියාකාර වැසිකිලි පද්ධතියක් නොමැතිකම නිසා ඔවුන් මුහුණ දුන් දුෂ්කරතා අතර, ලිංගික හිංසන, සර්පයින් දෂ්ට කිරීම් සහ ලෙඩ රෝග පැතිරීම ප්‍රධානයි.

මේ වැසිකිලි ඉදිකිරීම් සඳහා සම්පූර්ණයෙන් ශ්‍රම දායකත්වය දැක්වූයේ විශ්ව විද්‍යාල සිසුන් වන අප විසින්. අප මේ සඳහා සහභාගී වුනේ ඇත්තම කියනවා නම් අපේ විශ්ව විද්‍යාල දේශන කට් කරල.

මේ ව්‍යාපෘතියේදී අපට මුහුණ දීමට සිදු වූ ප්‍රධානම ගැටළුවක් තමයි 'වාස්තු' ගැටළුව. 'වාස්තු' යනු ජනප්‍රවාදයෙන් පැවතෙන ඉදි කිරීම් සම්බන්ධ යම්කිසි නීති පද්ධතියක්. බටහිර සිවිල් ඉංජිනේරුවන් මේ නීති අනුගමනය නොකලත්, ඉන්දියානු ජනතාව අතර මෙය ඉතා ප්‍රචලිතයි. මේ අනුව අපි උදේ ඉදිකිරීම් අරඹනකොට, ගෙදර අයිතිකාරයා අපට කියනව 'වැසිකිලියේ දොර උතුරට යොමු කරන්න' කියල. අපි ඒ අනුව සැලසුම් ඇඳගෙන දවල් වෙලා යනකොට ඔහු කියනව 'වැසිකිලියේ දොර දකුණට යොමු කරන්න' කියල. මේ අයුරින් තවත් වරක ඔහුම කියනව 'වැසිකිලියේ දොර නැගෙනහිරට යොමු කරන' ලෙසත්, 'වැසිකිලියේ දොර බස්නාහිරට යොමු කරන' ලෙසත්. මේ වාස්තු ගැටළුව නිසා බොහෝ ලෙස අපේ ඉදිකිරීම් පමා වුනා. 

පින්තූරය http://4-5t.weebly.com/mapping.html වෙතින්


ඉදිකිරීම් සිදු කලාට පසු, අපි විසින් එක වැසිකිලියකට අදාළ වියදම ගණනය කර බැලුවා. ලැබුණු අගය අපව මවිතයට පත් කළා. අපේ වියදම, අප විසින් ඇස්තමේන්තු කල අගයට වඩා බෙහෙවින් ඉහළ අගයක් වෙලා තිබුනා. අප ඉදිකිරීම් සිදුකළ කාලය තුල, මිල ගණන් ඉහළ යාමක් සිදු වූයේ සිමෙන්ති වල පමණයි. ඒත් අපේ වියදමෙහි සිදු වී ඇති විචලනය හා සාපේක්ෂව බැලූ විට, ඉහළගිය සිමෙන්ති මිල නොගිනිය හැකි තරම් කුඩායි. අපි මේ ගැන සොයා බැලුවා. පසුව දැනගන්නට ලැබුණු පරිදි අපි ඉදිකිරීම් වලට යොදා ගත් සුපවයිසර් වරයා විසින් අපේ ඇස් වසා සිමෙන්ති සොරකම් කොට තිබුනා.

කෙලෙසින් හෝ අපි අපේ ව්‍යාපෘතියේ පළමු අදියර සාර්ථකව නිම කළා. දෙවන අදියර සඳහා අපි අලුත් සැලසුමක් සොයා ගත්තා. මේ අලුත් සැලසුමට අනුව වැසිකිලිය කලින් ඉදි කරගෙන ගිහින්, කෙලින්ම අදාළ තැන සවි කරන්න පමණයි තිබෙන්නේ."

....................................................

ඇත්තටම මේ තොරතුරු මුලින්ම අහනකොට, මට හිනා යන්නත් ආවා. ඒත් මේ සිසුන් කටයුතු කර ඇති ආකාරය සහ ඔවුන් සතු වූ ඉවසීම ශ්‍රී ලාංකික විශ්ව විද්‍යාල සිසුන්ට ආදර්ශයට ගත හැකියි. ඒත් ගෙදරට නොමිලේ වැසිකිලියක් ඉදි කරල දෙන්න ආවම ඒකෙත් වාස්තු විද්‍යාව හොයන ඉන්දියානු ජනතාව සහ, දුප්පත් සිසුන් විසින් සිදු කරනු ලබන ව්‍යාපෘතියකින් සිමෙන්ති හොරකම් කරන සුපවයිසර් වරු නම්, අනේ මන්දා... 

ඔබ සැමටම සුභ නත්තලක් සහ සුභ නව වසරක් වේවා !!!

 






16 comments:

  1. මේ කැන්ඩි එකේ වෙච්ච දෙයක් ද ඇත්තටම?
    එක අතකින් අපි කරන සමහරක් ප්‍රොජෙක්ට් වලට වඩා ඒ වැඩේ ප්‍රායෝගිකයි වගේ.

    ReplyDelete
    Replies
    1. ඔව් මේ කැන්ඩි සිම්පොසියම් එකේ දැකපු දෙයක් තමයි යකා.
      ඔබ හරි, මෙය ප්‍රායෝගිකයි, ප්‍රයෝජනයක් තියනවා, නමුත් මෙහි විශේෂත්වය තමයි, මට තේරුණු තරමට ඔවුන් මෙය සිදු කර ඇත්තේ ප්‍රජා සේවයක් විදියට, විෂය නිර්දේශයෙන් බැහැරව.

      Delete
  2. අනේ මන්දා කියන්න දෙයක් නා යක්ෂයෝ. ලංකාවෙත් ඔය සන්තාසියම තමා. නිකන් හරි ලාබෙට හරි හම්බෙන අශ්වයාගේ දත් ගණන් කරන එවුන් කොහෙත් ඉන්නවා. අනික හොරකම් නොකරන සුපව්යිස්ර්ලා හැන්දෙන් තමයි ගේන්නේ වෙන්නේ.
    ඔය වැසිකිලි ව්‍යාපෘතිය අවශ්‍ය කරන බොහොම දෙනෙක් ලංකාවෙත් ඉන්නවා, විශේෂයෙන් reservation වල පදිංචි ප්‍රජාව .

    ReplyDelete
    Replies
    1. හැන්දෙන් නෙවෙයි හඳෙන් ලෙස නිවැරදි විය යුතුයි

      Delete
    2. බොහොම ස්තුතියි කොමෙන්ටුවට.
      ඔව් ඒක ඇත්ත, ඒ මිනිස්සු හිතන විදියට, වැරදි වාස්තු විද්‍යානුකූලව හදපු වැසිකිලියකට යනවට වඩා පඳුරක් අස්සට යන එක හිතට හොඳ ඇති.
      මම ලංකාවට අදාළවත් අහල තියනවා ඔය වගේ නිකන් ලැබෙන අශ්වයන්ගේ දත් ගණන් කරන කතා..
      වැසිකිලි ප්‍රශ්න ලංකාවෙත් තියනවා තමයි..

      Delete
  3. අපොයි ඔය වැසිකිළි ප්‍රශ්නය දකුණු ඉන්දියාවෙ හරිම බරපතලයි,මම දැකල තියෙනව වැසිකිළි නැතුව ඒ මිනිස්සු විඳින දුක.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කොමෙන්ටුවට සහ දිරි දීමට. මමත් ඔය ගැන ගොඩක් අහල තියනවා, දැකල නම් නැහැ...

      Delete
    2. හැලප අයියාව ආදරයෙන් පිලිගන්නවා මගේ බ්ලොග් එකට..

      Delete
    3. එහේ වැසිකිලිය ඉතින් මහපාර තමා... නේද හැලප අයියේ.

      Delete
  4. හොද දෙයක් කරන්න යනකොට බාධා එමටය.

    ReplyDelete
    Replies
    1. ඔවු ඒක ඇත්ත.. අදාළ ප්‍රතිඵලය ලබා ගන්න ගොඩක් මහන්සි වෙන්න ඕන.

      Delete
  5. ලංකාවෙත් ඔහොම මිනිස්සු එමටයි...වාස්තු කියල ටීවී වල පෙන්නන සමහරක් වැඩසටහන් බලල වතුර ටැංකිය තියන්න දිශාව හොයන ඈයො...! මට මුනගැහිල...සැලසුම් අන්දවගන්න ඇවිල්ල තියෙනව.

    ReplyDelete
    Replies
    1. ඔය වාස්තු විද්‍යාවත් ලංකාවට ඇවිත් තියෙන්නේ අනික් ගොඩක් දේවල් වගේ ඉන්දියානු බලපෑමෙන් මම දන්න තරමින්.. (වැරදි නම් නිවැරදි කරන්න දන්නා කෙනෙක්)
      ලංකාවේ අයට, සල්ලි වලට කරන්න දෙයක් නැත්නම් ඒකත් කමක් නැහැ කියමු..
      ඒත් පඳුරක් අස්සට බාල්දියක් උස්සන් යන අය, මේ නිකම් ලැබෙන වැසිකිලියක දොර ගැන හිතන තරම්..

      Delete
    2. මේ බ්ලොගයේ වීයා ගෙ පළමු කොමෙන්ටුව නේද?
      ආදරෙන් පිලිගන්නවා මගේ බ්ලොගයට. හැමදාම එන්න මේ පැත්තේ..

      Delete
  6. ලංකාවනේ .. ඕව ඔහොම තමයි :)

    ReplyDelete
    Replies
    1. ලංකාව ඉන්දියාවට වඩා හොඳයි කියලා කියමු :)

      Delete