August 11, 2014

You leave me breathless

ඉර පායාගෙන එනව, සීතල හුළඟ හමනව, චිත්‍රයක් වගේ නිශ්චලව තියෙන නගරය මැදින්, වේගෙන් වේගෙන් දුවගෙන වගේ ඇවිදගෙන මම ස්ටේසම දිහාවට යනව.

සෙනග මැද්දෙන් පෝලිමේ ගිහින් ටිකට් එක අරගෙන, පොරකාල කෝච්චියට නගින හැමෝම නැගල ඉවර වෙනකම් ඉඳල අන්තිමටම කෝච්චියට නගින මට, හැමදාම වගේ අදත් සීට් එකක් හොයාගන්න පුළුවන් උනා.

"මේ ගාල්ල දුම්රිය ස්ථානයයි. පළමුවන වේදිකාවේ නවතා ඇති ගාලු කුමාරි සීග්‍රගාමී දුම්රිය පෙරවරු හතයි විසිපහට කොළඹ කොටුව සහ මරදාන බලා ධාවනය වන බව මගීන් කරුණාවෙන් සලකන්න. දුම්රිය නවත්වන්නේ හික්කඩුව, අම්බලන්ගොඩ, බෙන්තොට, අලුත්ගම, දකුණු කළුතර, පානදුර, මොරටුව, ගල්කිස්ස, කොළඹ කොටුව සහ මරදාන. තුන්වන පන්තියේ ප්‍රවේශපත්‍ර ලබාගත් මගීන් දෙවන පන්තියේ ගමන් කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බැවින් මගීන් එසේ කිරීමෙන් වලකින්න"

කෝච්චිය ගාල්ලෙන් පිටත් වුනා.. සෙනග පිරුණු දුම්රිය මැදිරියට කුඩා දරුවන් දෙදෙනෙකු සමග පැමිණි විදේශික කාන්තාවක් මැසිවිලි කියන්නට පටන් ගත්තා.. සිත වෙහෙස කරවන ඝෝෂාව සහ කන්දොස්කිරියාවන් මැදින් දුම්රිය නොසැලී ටික දුරක් ඉදිරියට යනකොට, මට ඉස්සරහින් හිටගෙන හිටි තරුණ යුවලක් මගේ නෙතු පැහැර ගත්තා.

කලක් පෙම්වතියකව සිටි මට, තරුණ ජෝඩු දුටු විට ඉරිසියාවෙන් ඔවුන් දෙස බලා පවු පුරවගන්නට හිතුනේ නැහැ. ඒ නිසා ස්වභාවයෙන්ම මම ජෝඩු දිහා බලන්නේ නැහැ. නමුත් මේ දෙදෙනා කොතරම් ආදරෙන් වෙලී සිටියාද යත්, මගේ නෙතු මට හොරා එහි නැවතුනා.


පින්තූරය http://ptitevalentine-be.blogspot.com/2013/01/lovely-hug-couple.html වෙතින්

සෙනඟ පිරුණු දුම්රියේ වගක් වත් නැතිව හිටගෙන, තම පෙම්වතාගේ පපුවට ඔලුව වාරු කරගෙන ඇය නිදි. සෙනඟ පිරුණු දුම්රියේ වගක් වත් නැතිව හිටගෙන, සැප නින්දක පසු වන තම පෙම්වතිය තුරුළු කරගෙන ඔහු අවදියෙන්, ඇයව ආරක්ෂා කරනව.

තනිකඩ මගෙ හිතට ඉරිසියා හිතේවි කියා මට හිතුනත්, පුදුමයකට වගේ එහෙම උනේ නැහැ. ඒ සොඳුරු දසුනින් හිත පුරවගෙන, ගීතයක් අසන්නට මම දෙනෙත් පියා ගත්ත.

If our love was a fairy tale
I would charge in and rescue you
On a yacht baby we would sail
To an island where we'd say I do

And if we had babies they would look like you
It'd be so beautiful if that came true
You don't even know how very special you are

You leave me breathless
You're everything good in my life
You leave me breathless
I still can't believe that you're mine
You just walked out of one of my dreams
So beautiful you're leaving me
Breathless

And if our love was a story book
We would meet on the very first page
The last chapter would be about
How I'm thankful for the life we've made

And if we had babies they would have your eyes
I would fall deeper watching you give life
You don't even know how very special you are

You leave me breathless
You're everything good in my life
You leave me breathless
I still can't believe that you're mine
You just walked out of one of my dreams
So beautiful you're leaving me

You must have been sent from heaven to earth to change me
You're like an angel
The thing that I feel is stronger than love believe me
You're something special
I only hope that I'll one day deserve what you've given me
But all I can do is try
Every day of my life

You leave me breathless
You're everything good in my life
You leave me breathless
I still can't believe that you're mine
You just walked out of one of my dreams
So beautiful you're leaving me
Breathless





පින්තූරය http://www.landscapinggallery.info/sweet-cartoon-couples-images/sweet-cartoon-couples-images.html වෙතින්







16 comments:

  1. අඩේ පට්ට සිංදුවක් ඈ...
    මං මේ අහන ගමන් කොටන්නෙ...
    ඇත්තටම ඉරිසියා වෙන්නෙ මොකටද
    නේද..... අපි අපිට වෙලාවකට නැති දේ ගැන දුක් වෙනව තමා... මත.ක අලුත් වෙනව..
    ඒත් එතන ඉරිසියාවක් කියල එකක් පෙන්නෙ නෑ නේහ්..
    හ්ම්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මහේෂ් කොමෙන්ටුවට.
      හ්ම්...

      Delete
  2. පෙම්වතුන් යුවලක් දකින එක මට නම් සුභ ලකුණක්.

    ReplyDelete
    Replies
    1. ඔව් ආදරෙන් සතුටින් ඉන්න සිනාමුසු මුහුණු සුභ ලකුණු තමයි ඩුඩ්

      Delete
  3. සින්දුව පට්ටයිඇ....
    ඔය ඇල්බම් එකත් නියමයි..
    මටත් කාලයක් තිබුනා පොඩි අප්සෙට් එකක් දැනෙන..........

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කොමෙන්ටුවට කල්හාන්

      Delete
  4. ඒක් ලර්කී,

    / You leave me breathless /

    මෙහෙම වෙන්ට හේතු දෙකයි තියෙන්නෙ. එක්කො කෙල්ල කොල්ලගෙ කුළල මිරිකනව. එහෙම නැත්තං අර බයානක ලෙඩේ...සාර්ස්

    ඒ මොක උනත් බලං ඉන්ට නම් හොඳ නෑ ගොයියෝ...හෙහ්,හෙහ්,

    ReplyDelete
    Replies
    1. හපොයි එහෙනම් බයානකයි තමයි..
      ඒක නෙවෙයි රවී තුමා, බොහොම ස්තුතියි. කුළල කියන්නේ මොකක්ද කියල දන්නෙ නැතුව google සර්ච් කලාම දැනගත්ත කුළල කියන්නෙත් බෙල්ල බව.

      Delete
  5. කාලෙකට පස්සෙ මානවීටත් බ්ලොග මතක් වෙලා තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔව්.. හැලප තුමා, පොස්ට් එකක් දාන්නවත්, කොමෙන්ටුවක් දාන්නවත් බැරිව හිටිය ටික කාලයක්. වැඩ වැඩි කමක් නෙවෙයි, එක එක වැඩ අස්සෙ හිත නිදහස් නැති කම.

      Delete
  6. මමත් ඔහොම ගිය හැටි මතකයි මට හොද හැටි මතකයි. මීරිගම ඉදන් කොළඹට

    ReplyDelete
  7. හහ් හහ්....

    ReplyDelete
  8. මේ සිංදුව මුලින්ම ඇහුවේ අදද කොහෙද.. මාර ලස්සනයි.. කතාවත් එහෙමයි.. කොහොමත් පෙම්වතුන් දැක්කම අපිටත් අපිවම මතක් වෙන එක ඉතින් අරුමයක් නෙමෙයිනේ..

    ReplyDelete
    Replies
    1. එකඟයි..
      ලස්සන සින්දුවක් බෙදා ගන්න ලැබීම සතුටක්

      Delete