February 01, 2016

ජපන් කතා 5 - ඇරඹුම පස්වන කොටස


හැම සිකුරාදාම පුරුද්දක් විදියට කතාව ලිවුවට, පහුගිය සිකුරාදා ලියන්න බැරි උනා. ඒ අද පොඩි විභාගයක් වගේ එකක් තිබුණු නිසා. මුලින්ම ඒ වෙනුවෙන් සමාව ඉල්ලන්නට ඕන.


**********


හරි. IRC පත් හොයාගෙන GPO එකට කතා කලාම, මට ටිකක් ඉන්නට උපදෙස් ලැබුණ මතකයි නේද.

අද එතැන් සිට..


**********


“මිස් ට IRC හතක් නේද ඕන?”

“ඔව්. හතක්”

“ආ.. IRC හතක් තියනවා මිස්. මිස් ට GPO එකට ආවොත් ගන්න පුළුවන්.”


සාමාන්යෙන් අපේ ගමේ තැපැල් කාර්යාලය 3 ට වහන නිසා මට පොඩි සැකයක් ඇති උනා මට වෙලාවට යා ගන්න පුළුවන් වෙයිද කියල. මොකද ඒ වෙද්දීත් වෙලාව හවස 2.15 ට විතර ඇති.


“ම්ම්ම්... මම දැන් ඉන්නේ ගල්කිස්සේ. ඔයාල වහන්නේ කීයටද? මට මෙහෙ ඉඳන් එන්න පුළුවන් වෙයිද ඔයාල වහන්න කලින්?”

“මිස් ෂුවර් එකටම එනව නම් අපි ඉන්නම් මිස්”

“ආ... හරි. මම මේ ගල්කිස්ස බස් හෝල්ට් එකේ ඉන්නේ. මම පුළුවන් ඉක්මනට එන්නම්. තෑන්ක්ස්”




මම ගාල්ලේ සිට කොළඹ එන සී.ටී.බී. බස් එකකට ඉක්මනින්ම නැග ගෙන, සැනසුම් සුසුමක් හෙළුව. දැන් මේ බස් එක ඉක්මනට යාවි නේ. සාමාන්යෙන් මාතර - කොළඹ හෝ ගාල්ල - කොළඹ දුවන සී.ටී.බී. බස් ඉක්මනින් යනවා වගේම, ප්‍රයිවෙට් බස් වලට වඩා ටිකක් සුවපහසුයි.


බස් හෝල්ට් එකක නවත්වා තිබුණු බස් එක, යලිත් ගමන් අරඹන්නට හදනවිටම පසුපසින් ආ ප්‍රයිවෙට් බස් එකක් මා සිටි බස් රථය පසු කරන්නට උත්සාහ කළා. බස් දෙක අතර ඇති ඉඩ කඩ මදි නිසා, පොඩි ගැටුමක් වෙලා මා හිටපු බස් එකේ පැති කන්නාඩිය අනිත් බස් එකේ වැදිලා, කැඩිලා ඒ බස් එක ඇතුලට වැටුන. බස් දෙකම නතර වුනා. කොන්දොස්තර මහතා බස් එකෙන් බැහැල අනිත් බස් එකට දුවගෙන ගියා. මගීන් නොසන්සුන් වුනා.


මගීන් පමණක් නෙවෙයි. මමත් නොසන්සුන් උනා.

“කසාද බඳිනකම් මේ ළමයට ඉගෙන ගන්න විදේශ ගත වෙන්න ලැබෙනව බොරු” මට මගේ කේන්ද්‍රය කී දේ යලිත් සිහිපත් උනා.

මේ තරම් නොසන්සුන් කම් දැනෙන්නේ මම ඉරණම වෙනස් කරන්නට උත්සාහ කරන නිසාද?


විනාඩි 10ක් 15ක් ගත වුනා. බස් එකෙන් බැහැල වෙනත් බස් එකක යන්නට හිතාගෙන නැගිටිනකොටම, කොන්දොස්තරත්, ඩ්‍රයිවර් නුත්, යලිත් බස් රථය වෙත ආව. පොලිස් නිලධාරියෙක් හා අනිත් බස් රථයේ රියදුරු කොන්දොස්තර වරු සමග කුඩා කතාබහකට පසු, බසය යලි ගමනාරම්භ කළා.


**********


GPO එක තියෙන තැන ඒ වෙද්දී මම හරියටම දැන හිටියේ නැහැ. කොහොමින් හරි, මම ගූගල් මැප් එක දිහා බලාගෙන, ගිහින් තිබුනේ සන්නිවේදන පියසට.


“මට IRC 7ක් ඕන”

“මිස්.. අපේ ළඟ IRC නැහැ නේ. IRC තියෙන්නේ GPO එකේ තමයි.”

"ආ.. මට GPO එකට යන්න පාර කියන්නකෝ”

“ම්ම්ම්... මිස් කොහොමද ආවේ? කාර් එකෙන්ද”

 “නෑ නෑ මම බස් එකේ ආවේ”

ඔහු මට පාර කියල දුන්න.


මම සන්නිවේදන පියසෙන් එලියට බැස්සේ දාඩිය පෙරාගෙන, හති හලමින් ඉන්න මගේ දිහා බැලුවම කාර් එකකින් ආපු බවක් ඒ මනුස්සයට හිතුනේ කොහොමද කියල හිත හිත. පස්සේ මට හිතුන එහෙම හිතන්නට හේතුව මම එදා ඇඳගෙන හිටපු ටයිට් ගවුම වෙන්න ඇති කියල. මොකද මම හිටපු ගමන් පුරුදු වෙන්න ඩ්‍රයිව් කරනව. එතකොට කබල් ඩෙනිමත් ටී ෂර්ට් එකත් ඇඳන් කාර් එකෙන් ඇවිත් බැස්සත්, මිනිස්සු කතා කරන්නේ කිසි වෙනසක් නැතුව. ඇඳන් ඉන්න ඇඳුමට මිනිස්සුන්ගේ ඇටිටියුඩ් එක වෙනස් කල හැකි බව, මගේ කෙටි ජීවිතේ, මම මුලින්ම අත්දුටුවේ එදා.




කොහොම හරි, මම ගියා GPO එකට. ඒ වෙලාව වෙනකොට හවස 3 පහු වෙලා තිබුණ. මොකද බස් එක නතර වුනු නිසාත්, මගේ නොදැනුවත් කමින් මම සන්නිවේදන පියසට ගිය නිසාත්, වෙලාව ටිකක් අපතේ ගියා. හැබැයි ගමේ තැපැල් කාර්යාලය 3ට වැහුවට, GPO එකේ ඔවුන් හවස 5 දක්වා වැඩ කරන බව මට දැනගන්නට ලැබුණ. මම එහි හිටපු කාරුණික නිලධාරීන් ගෙන් IRC 7ක් ඉල්ලුව.


එක නිලධාරියෙක් ළඟ IRC 4ක් තිබුණ. අනිත් නිලධාරිනිය ළඟ IRC 3ක් තිබුන. දෙන්න ළඟම සන්තකේට තිබුනේ IRC 7යි.


“මිස් ගේ වෙලාව හොඳයි”

“ඒ කියන්නේ මට ආපහු ඕන උනොත් ගන්න එහෙම IRC නැද්ද?”

“නෑ නෑ එහෙම ප්‍රශ්නයක් නෑ.. IRC ආපහු ගෙනත් තියාගන්න ඕන”



**********


මම IRC ටික සමග මගේ අයදුම් පත ගෙන්වා ගැනීමේ අයදුම් පත සහිත ලියුම් කවරය ඔහුට දුන්න.


“මට මේක එක්ස්ප්‍රස් මේල් යවන්න ඕන”

“අතනට සල්ලි ගෙවල එන්න මිස්”


**********


අවසානයේ මම මගේ ලියුම තැපෑලට බාර දුන්න. එන්න සූදානම් වෙලා මම මෙහෙම ඇහුව.


“මේක එහෙට යන්න කොච්චර විතර කල් යාවිද?”

“ම්ම්ම්... සතියක්... සති එකහමාරක් වගේ...”

එච්චර කල් යන්නේ කොහොමද කියල හිත හිත මම එන්න ආව. ඇත්තටම මේ ගැන තව දුරටත් හිතන්න පෙළඹෙන්නේ නැති තරමටම එදා දවස තුල මම හෙම්බත් වෙලා හිටිය. වැඩේ පත්තු උනේ මම ආපහු කැම්පස් එකට ඇවිත් විස්තරේ එතන හිටපු අයට කිවුවම.


“ඔයා ඔය නෝමල් එක්ස්ප්‍රස් පොස්ට් එකේ නේ යවල තියෙන්නේ. EMS නෙවෙයි නේ”

“ඉතින් EMS කියන්නෙත් Express Mail Service නෙවෙයිද.”

“අයියෝ නෑ නෑ.. ඒ දෙක වෙනස්”


ලංකාව ඇතුලේ ලියුම් යවද්දී Express Mail හා Ordinary Post ලෙස ඔප්ෂන් දෙකක් තිබෙන බව මම දැනගෙන හිටිය. නමුත් මම නොදැන හිටියේ පිටරට වලට යවන ලියුම් වලට Ordinary Post, Express Mail හා EMS යනුවෙන් ඔප්ෂන් 3ක් ඇති බවයි.


මම ආපහු GPO එකට කතා කරල විස්තරේ කියල, ඔවුන්ගෙන් ඇහුව මම හෙට ඇවිත් ලියුම EMS කරනකම් තියන්න පුලුවන්ද කියල. නමුත් ඒ වෙනකොට මගේ ලියුම GPO එකෙන් පිටත් වෙලා ඉවරයි. අද 8 වෙනිදා. දවස් 10ක් ගියොත් ලියුම එහෙට යන්නේ 18. ජපානයේ සිට එන අයදුම් පත මට ලැබෙන්නට යන දින ගණන 3ක් හෝ 4ක් නම් මට 22 හෝ 23 වෙනකොට එය ලැබෙන්නට ඕන. අයදුම් පත 24 වෙනිදාට පෙර තැපැල් කල යුතුයි.


මේ වැඩේ හරි යන්නේ නැහැ. හෙට ආපහු ගිහින් තව IRC 7ක් අරන්, හරියට EMS කළා නම් හෝ DHL කළා නම් හරි.


**********


ඉතුරු කොටස ඊළඟ කොටසින්. ලබන සතිය වෙනකම් නොඉඳ, මේ සතියෙම ලියන්නට බලන්නම් තව කොටසක් J



මෙතන, මගේ ජීවිතය අපහසුතාවයට පත් උනේ, තැපැල් කටයුතු සම්බන්ධයෙන් මගේ තිබුණු නොදැනුවත් කම නිසා. මම මේ ලියන දෙයින් තව එක අයෙකු හෝ යමක් උකහා ගෙන ජීවිතය පහසු කරගන්නවා නම්, එයයි මගේ සතුට.


12 comments:

  1. හරිම අගෙයි. පෝස්ට් එකක් තව ටිකක් දිගට ලියනවා නම් තමයි වඩා හොඳ. අපි කියවනවා.

    ReplyDelete
  2. ජපන් කතා වලට කලින් සිරි ලන්කා කතා.... :D

    ReplyDelete
  3. පෝස්ට් ඒක තව පොඩ්ඩක් දිග් කරාට නං කමක් නැහැ... ගොඩක් දිග් කරන්න ඒපා.... කියවන අයට ඒක අපහසුවක්... මොනවා වුණත් ලියන කෙනාටත් සාමාන්‍ය මට්ටමේ ලිපියක් ලියන ඒක පහසුයිනේ...... ජයවේවා

    ReplyDelete
  4. මට ඔය වගේ වැඩක් උනානම් මෙලහකටත් අත ඇරලා දාලා. ඔබේ උත්සාහය අගෙයි.

    ReplyDelete
  5. //“කසාද බඳිනකම් මේ ළමයට ඉගෙන ගන්න විදේශ ගත වෙන්න ලැබෙනව බොරු” මට මගේ කේන්ද්‍රය කී දේ යලිත් සිහිපත් උනා.//
    පොසිටිව් දෙයක් වගේ නෙවෙයි නෙගටිව් දෙයක් හිතට වැටුණාම ඒක හිතේ ගැබුරටම කිදා බහිනවා.
    සිංහල බ්ලොග්ගල.

    ReplyDelete
    Replies
    1. //“කසාද බඳිනකම් මේ ළමයට ඉගෙන ගන්න විදේශ ගත වෙන්න ලැබෙනව බොරු” මට මගේ කේන්ද්‍රය කී දේ යලිත් සිහිපත් උනා.//

      මටත් එහෙම කියලා තිබ්බා නම් කේන්දර කාරයෙක් මමත් කොහොම හරි යනවා.අර කතාව බොරු කරන්න.

      Delete
  6. මානවිගේ උත්සාහය කදිමයි.තැපැල් දෙපාර්තමේන්තුව තව දුරටත් වැඩක් නැති රජ්‍ය ආයතනයක් කියලා මම හිතන හිටියේ තැපෑලත් එක්ක දැන් සංනිවේදනය අඩු නිසා.අපේ රටේ එහෙම උනත් තවමත් ලෝකයේ රටවල් බොහොමයක තැපෑල කියන්නේ එහෙනම් අවශ්‍යම ආයතනයක්.

    ReplyDelete
  7. තැපෑල
    නැතුවම බැරිරාජ්‍ය ආයතන වලට හිහි.
    මානවී සෑහෙන්ට කස්ටක් කාප ජපං යන්නත් කලිං
    ඉතුරු ටිකත් කියවන්න බලං ඉන්නෙ

    ReplyDelete
  8. මම දැනගෙන හිටියේ IRC කියන්නේ Internal Registered Criminal කියල විතරයි :)

    ReplyDelete
  9. ඉස්සර නම් අයිආර්සී කාරයෝ කිව්වේ අපරාධකාරයින්ට.

    මේවගේ විස්තර දාන එක කාටත් ප්‍රයෝජනවත්.

    ReplyDelete
  10. සික් අර නිදහස් සිතුවිලි ලියන හාදයට පඳුරු තලනවයි කියල පස් පඩංගුවෙ දෙස් දෙවොල් තියන එක හරිම අපරාදයක්නෙ හැබෑටම...මෙයානෙ වැඩේ..මෙතෙන්ට එන්ට එපාය ඔරිජිනල් පඳුරු තැලිල්ල බලන්ට....හෙහ්,හෙහ්

    ReplyDelete
  11. මේ මානවිකාව ජපානෙ කොයි ඉසව්වකද ඉන්නෙ?.

    ReplyDelete