January 27, 2018

මල් සමග දවසක්


අපේ ආදරණීය රවී තුමා මෙන්න මේ පහළ තියන ෆොටෝ එක බුකියේ ෂෙයාර් කොරලා තිබුණා නෙව.


දම් පැහැති මල් පිරුණු ගසක් ඉහත දැක්වේ.

එතුමා කොහොමත් හිටපු ගමන් ලස්සන ලස්සන ලෑන්ඩ්ස්කේප් ෂෙයාර් කරලා අපි වගේ කම්මැලිකමේ ඉන්න පණුවන්ට නලියන්න ඉඩකඩ හදල දෙනව.

කොහොමහරි ඔය ෆොටෝ එක දැක්කම මටත් මතක් උනා බොලේ මමත් මෙහෙම තැනකට ගියා නෙවද කියල. ඉතින් ඒ කතන්දරේ බ්ලොග් එකේ ලියන්න හිතුණ.

මේක ලියන්න මුල් වුණේ රවී තුමා නිසා, අපි මේ පෝස්ට් එකයි, ඒකෙ තියන මලුයි ඔක්කොම රවී තුමාට පුද කරමු. කමක් නෑ නේ? (කොහොමත් මේ දවස් වල එක සීරුවට අර අනන්‍යගේ කතාව ලියන නිසා මලක් දෙකක් දීල මනුස්සයව ශේප් එකේ තියා තියන එකත් හොඳයි)

මම මේ ලඟදි දවසක ට්‍රිප් එකක් ගියා කේම්බ්‍රිජ් සරසවියට ගිහින් එන්ට. එහෙ ඉන්න යාළුවො ටිකකට හායි කියන්න තමයි ගියේ. ඉතින් එහෙම ගිහිපු ගමන් එයාල මට සරසවියේ තියන පැරණි ඉංග්‍රීසි ගොඩනැගිලි ටික බලන්නටත් අවස්ථාවක් හදල දුන්න, මොකද ඒ විශ්ව විද්‍යාලයේ සිසුවෙක් එක්ක ඕව බලනකොට මට ටිකට් නැතුව ඇතුලට යන්න පුළුවන්. උදේ ඉඳන් ඔහොම පරණ ගොඩනැගිලි බල බල යනකොට මගේ යාළුවයි මමයි අතර මෙන්න මෙහෙම දෙබසක් ඇති වුණා.

"උදේ ඉඳන් එක වගේ බිල්ඩින්ස් බලල කම්මැලිද?"

"කම්මැලි නම් නෑ. නමුත් පරණ බිල්ඩින්ස් කියන්නේ මගේ ප්‍රියතම දෙයක් නම් නෙවෙයි. හැබැයි අකමැත්තකුත් නෑ, එකම දේ ඉතින් wow කියවෙන්නෙ නෑ."

"එතකොට wow කියවෙන්නෙ මොනව බලනකොටද?"

"මල් බලනකොට."

"හෑ..."

ඔන්න ඕක තමයි වැඩේ. මම හරිම ආසයි මල් වලට.

ඔහොම මල් වලට ආසාවෙන් ජීවත් වෙනකොට තමයි ගිය අවුරුද්දේ වසන්ත සමයේ මට ජපානේ තියන විස්තීරියා පාක් ගැන ඔත්තුවක් ලැබුණේ. ලොකුම විස්තීරියා පාක් තියෙන්නේ පියාඹා යන්නට තරම් දුරින් වූ දකුණු කෙළවරේ වුණත්, ටෝකියෝ ඉඳන් දවසින් ගිහින් එන්නට තරම් දුරකින් පිහිටි අශිකාගා පාක් එකට යන්නට මම සැලසුම් කළා.

විස්තීරියා මල් පිපෙන්නේ අවුරුද්දකට වරක්, මාසයක් වගේ කාලයක් ඇතුලත විතරයි. ඒ මාසෙ ඇතුලෙත් ෆුල් බ්ලූම් එක දකින්න තියෙන්නේ දවස් තුන හතරක් වගේ. ඊට පස්සේ මල් පරවෙන්ට පටන් ගන්නව. ඉතින් ගිය අවුරුද්දෙ ඔය ෆුල් බ්ලූම් එක සෙට් වුණේ ගෝල්ඩන් වීක් එක පටන් ගන්න ඔන්න මෙන්න තියල.

*** ගෝල්ඩන් වීක් එක කියන්නේ ජපානේ තියන නිවාඩු සතියක්. මේකෙ ඇත්තටම වෙලා තියෙන්නෙ එකිනෙකට සම්බන්ධයක් නැති නොයෙකුත් රජයේ නිවාඩු දින කීපයක් එක ළඟ වැටිල සතියක් විතර එක දිගට ආතල් නිවාඩුවක් සෙට් වෙන එක.

ඉතින් ගෝල්ඩන් වීක් එකේ මල් බලන්න ගියොත් සෙනග වැඩි වෙයි කියල හිතල, මම ප්ලෑන් කලා ගෝල්ඩන් වීක් පටන්ගන්න කලින් දවසේ මල් බලන්න යන්න. නමුත් එදා මගේ යාලුවෙක් අසනීප වුනු නිසා ප්ලෑන් කරපු විදියට යන්න බැරි වෙලා, අන්තිමට පාක් යන්න සිදු වුණේ ගෝල්ඩන් වීක් එක පටන් ගන්නා පළමු නිවාඩු දවසේ.

පාක් එක තියෙන්නේ ටිකක් ඈත ග්‍රාමීය පෙදෙසක. ඉතින් කෝච්චියෙන් බැහැලා පාක් එක පැත්තට යන කෝච්චියට ගොඩ වෙන්න මම ගියා කියමුකො. හපොයි කොහෙද මන්ද යන මහා සෙනගක් පළමු පෙට්ටියේ පිරිල ඉන්නව. ඉතින් මම ඊට පස්සේ දෙවෙනි පෙට්ටියට දුවන් දුවන් ගියා. ඒකටත් ගොඩවෙන්න විදියක් නැහැ, සෙනග පිරිල. ඊට පස්සේ මම තුන්වෙනි පෙට්ටියට දුවන් දුවන් ගියා. ඒකත් එහෙමයි. කෝච්චියේ දොර වැහුනොත් ඊළඟ එක එනකම් ටිකක් වෙලා බලන් ඉන්නත් වෙනව, ග්‍රාමීය පෙදෙසක නිසා කෝච්චි අතරේ වෙලාව පරතරය වැඩියි. ඉතින් තියන ඔක්කොම වීර්ය අරගෙන හතරවෙනි කෝච්චි පෙට්ටියට දුවන් ගිහින් පොඩි ඉඩකට කකුල තියන් යන්තම් ගොඩ උනා කෝච්චියට.

ඔහොම යන අතරෙ ඊළඟ නැවතුම් වලිනුත් කෝච්චියට සෙනග ගොඩ වෙලා මම ටිකක් මැදට තල්ලු වුණා. දැන් කෝච්චිය මගේ නැවතුමට ලං වෙනව. ඉතින් මේ කොහෙද මන්ද යන මහා සෙනග අස්සෙන් බැහැගන්නත් එපයි. මම ඉතින් ටිකෙන් ටික ඒ ගැන හිත හිත ඉන්නකොට ඔන්න කෝච්චිය නතර වුනා මගේ නැවතුමේ. සෙනග අස්සෙන් බහින්න හිතන් හොඳ හුස්මක් අරන් ලෑස්ති වුනා විතරයි, මෙන්න අර කෝච්චියේ පිරිල හිටපු ඔක්කොම බහින්න පටන් ගත්තෙ නැතැයි. ඒ අස්සෙම තල්ලු වෙලා කෝච්චියෙන් බැහැලා මම ෆොටෝ එකක් ගත්ත. පහළ තියෙන්නේ ඒක.


කෝච්චියෙන් බැහැපු සෙනග

පාක් එක හොයාගන්නත් වැඩිය අමාරුවක් උනේ නෑ. කෝච්චියෙන් බැහැපු මහා ජන ගංගාව එක්ක ඔහේ ඇවිදන් ගියාම පාක් එකත් හම්බුණ.

මල් බලන්න යන සෙනග

පල්ලෙහා තියෙන්නේ මල් වල ෆොටෝ. හැබැයි ඉතින් ලස්සන විඳින්න අමාරුයි ඒ සෙනග ගොඩ එක්ක.



මලින් පිරුණු ගස් කීපයක් ඉහත දැක්වේ.

මලින් පිරුණු ගස් කීපයක් ඉහත දැක්වේ.

මලින් පිරුණු ගස් කීපයක් ඉහත දැක්වේ.

මලින් පිරුණු ගස් කීපයක් ඉහත දැක්වේ.


මලින් පිරුණු ගස් කීපයක් ඉහත දැක්වේ.

මලින් පිරුණු ගස් කීපයක් ඉහත දැක්වේ.

මලින් පිරුණු ගස් කීපයක් ඉහත දැක්වේ.

නිර්මාණශීලී විදියට ගස් ටික සකස් කරලා තිබුණු නිසා, වැඩිපුර අලංකාරයක් වගේම ආකර්ෂණයක් ලැබිල තියන බවක් මට දැනුණ. කොහොමත් ජපන්නු ලෑන්ඩ්ස්කේපින් වලට දක්ෂයි නේ.



15 comments:

  1. අන්න ඒකනෙ..අපිම ඉන්න ඕන ඔහෙලව ටිකක් එක විදිහක් කරල ගන්න...හෙහ්,හෙහ්..

    මල් ටික නම් මල් හතයි...ලංකාවෙ ඔයිට ටිකක් විතර සමාන මල් ජාතියක් මම දැකල තියෙන්නෙ රොබරෝසියා....පේරාදෙණියෙ කැම්පස් එකේ කාලෙකට හැදෙනව බලන්න ලස්සනයි....:)

    ReplyDelete
    Replies
    1. //අන්න ඒකනෙ..අපිම ඉන්න ඕන ඔහෙලව ටිකක් එක විදිහක් කරල ගන්න//

      ආයෙත් අහල. හෙහ්.. හෙහ්.. :)

      රොබරෝසියා කියන්නෙ අර පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විවෘත රංග පීඨය (වල) ළඟ වැවුණු ගහද? අර මල් වැටිල තියෙන ෆොටෝ තියෙන්නෙ? ඒ ගහ කැපුවයි කියලත් මම දැක්ක කවුරුහරි දාල තිබුණ. මම හැබැයි කැම්පස් එක ඇතුළට ගිහින් නෑ (සමාජෙන් කොන් වෙයිද මන්ද)

      Delete
  2. රවීටනං දෙන්න ඕන ඔය මල් නෙමෙයි ලෝකල් ඒව. හැක්..

    මොනව උනත් මල් ටිකනං ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. ඒ මල් කොහෙන් හොයන්නද ඉතින් :)

      කමක් නෑ මල් දීල කතා ලියවගන්න එකත් හැට හතර මායමටම බැර කරමු.

      Delete
  3. මටත් නේචර් එක්ක හෙන ඇරියස් එකක් තියෙනව.පරණ බිල්ඩින් සහ පල්ලි, ගංගා ඇළ දොළවල් පාළු පාරවල් දිහා පැය ගණන් බලන් ඉඳල තියෙනව.

    https://www.youtube.com/watch?v=hYakrn_Pgug

    ඔන්න ඔය ලින්ක් එකේ ලොකේෂන් එක ලේක් ඩිස්ට්‍රික්ට්. ඔතන මම පැය ගානක් බලන් ඉඳල ඇවිදල එලියට එනකොට පාරේ බස් යන එකත් නවත්තල. ගියා කියහන්කො පයින් කිලෝමීටර් 14ක් ම තිත්ත කළුවරේ ෆෝන් එකේ ටෝච් එක ගහගෙන සීතලේ වෙව්ල වෙව්ල.

    තව දවසක් 2014 වල මගේ උපන්දිනයට මටම සප්‍රයිස් එකක් විදිහට බ්‍රයිටන් වල කැලයක කෑම්ප් එකක් ගහන් නයිට් 4ක් ගහන්න ගියා. බ්‍රයිටන් ඉඳල GPS එකෙන් මම මහා අව්වේ බඩු අතින් කටිං උස්සගෙන පාරේ යනකොට පොලිස් කාර් එකක් නවත්තල මගෙන් අහනව "උබ මේ අවුවේ මෙච්චර දුර යන්නෙ කොහෙද?" කියල. මම ලොකේෂන් එක කිව්වහම උං ඇහුව උබට පිස්සුද තව 10 කිලෝමීටර් ඇවිදින්න කියල. මම කිව්ව එක මගේ ඇඩ්වෙන්චර් ප්ලෑන් එකේ තව එකක් කියල. තොට පිස්සුද, උබ dehydrate වෙලා මැරෙන්නද යන්නේ කියල මාව උන් බලෙන්ම පොලිස් කාර් එකේ දාගෙන කූල් වතුර බෝතල් දෙක තුනකුත් දීල මට යන්න ඕන තැනින්ම බස්සල ගියා. එව්වනම් හරි ශෝක් බලුවැඩ.

    ReplyDelete
    Replies
    1. අම්මට සිරි මම හිතුවේ මට විතරයි ඔය ඇරියස් එක තියෙන්නේ කියල. තව ඇරියස් කාරයෝ ඉන්නවනේ බලන් යනකොට .
      ඇයි පරණ කාර්, පරණ ඇංජිං -අර (අපි වාගේ)හිට් ඇන් මිස් ජාතියෙ එව්වා එහෙම. සෝක් ඇන්ටික් වෑල් රේඩියෝ සැට් එකකුත් තියෙනවා සිංදු අහන්ඩ!
      (හැබැයි සුද්දී flower නං එක පයින්, හැබැයි කියන්ඩ කණගාටුයි පින්වත් ටික්ක සෑර් අනිත් ඒවාට නං flower jump.)

      ජයවේවා!

      Delete
    2. ටික්කා තුමා,

      බොරු කියන්නේ මොකටද මම නම් ඔච්චරටම ඇඩ්වෙන්චරස් නෑ. බැක් අප් ප්ලෑන් ගහන්, සේෆ්ටි බලන් තමයි රවුම් ගහන්නේ. හැබැයි මම ආසයි මටත් ඔබතුමා වගේ වෙන්න පුළුවන් උනා නම්, මොකද මම ටිකක් ඔරලෝසුව හා බස්/කෝච්චි කාලසටහන් චෙක් කර කර ස්ට්‍රෙස් වෙන ගතිය මටම කරදරයක්, වෙලාවකට.

      මම පීක් ඩිස්ට්‍රික්ට් ගියා, ලේක් ඩිස්ට්‍රික්ට් නම් ගිහින් නෑ. යන්න හොඳ කොයි කාලේද? ස්ප්‍රින්ග් ද සමර් ද? :) දෙන්නකෝ බලන්න රෙකමන්ඩේෂන් ටිකක්. :)

      අර පොලිස් නිලධාරීන් නම් හරිම හොඳයි නේද. කොහොමත් සුද්දෝ අවුවටයි වැස්සටයි ඔක්කොටම බය මිනිස් කොටසක් කියල මට තේරිලා තියෙන්නේ දැන්. අපේ එක එක්සෑම් හෝල් එකක වෙන්ටිලේෂන් නැතුව සමර් එකේ ළමයි ටිකක් කලන්තෙ වෙලා තියනව, රස්නෙ දවසක විභාගයක් අතරෙ. කෝමහරි එක්සෑම් ඩියුටි ගිහිපු චීන, බංගලිදේශ කාරයොන්ට, ඒ රස්නෙ ගානක් වත් නැතිලු.

      ඔබේ කමෙන්ට් වලට පිළිතුරු පරක්කු උනාට සමාවෙන්න ඕන. ඔබේ රසවත් කමෙන්ටුවට කෙටියෙන් මොකක් හරි ලියල අත පිහිදාගන්න හිතෙන්නේ නැති නිසා නිදහස් වෙලාවක් එනකම් කල් යැවුව. ඊට පස්සේ අමතක වුණා.

      Delete
    3. හැට්ටර් තුමා,

      මම නම් වැඩිය ඇන්ටික් ෆෑන් කෙනෙක් නෙවෙයි. හැබැයි ඉතින් අර කතාවක් අහල තියනවා නේද?

      "පරණ දේට ආදරේ කරන සැමියෙකු, ඔබට මහලු වත්ම තව තවත් ආදරේ කරනු ඇත" කියල. ඇත්තද ඒක?

      Delete
  4. 'ඉහත දැක්වේ' මල් ටික ලස්සනයි

    ReplyDelete
    Replies
    1. ඉහත කොමෙන්ටුවට ස්තුතියි.

      Delete
  5. Replies
    1. සෙනග පිරිලා නොහිටියා නම් තවත් ලස්සන වෙන්න තිබුණ. ඒත් ඉතින් මොකෝ කරන්නෙ. :)

      Delete
  6. රවී මාමා ඉන්නම එපැයි ඉතින් අපිට ඉන්ජෙක්ෂන් ගහලා ගන්න..

    සුන්දර සටහනක්!

    ReplyDelete
  7. මල් ටික දැකලා මටත් වාව් කියලා කියවුනා.

    ReplyDelete