October 29, 2013

අපි කන බොන හැටි

බොහොම කාලෙකින් බ්ලොගේ මුකුත්ම ලියන්න බැරි වුනා.කාලෙකට පස්සේ තමයි මේ ලියන්නෙ. මේ කතාව මට කිවුවෙ මගෙ අක්ක. එයාට එයාගෙ යාලුවෙක් කියපු ඇත්තම සිදුවීමක් මේක. 

අක්කගෙ යාළුවට අපි "සඳුනි" කියමු. සඳුනි අක්කගෙ මස්සිනාට තමයි මේ අක්කරතැබ්බෙ සිද්ද වෙලා තියෙන්නෙ. කතාව කියන්න ලේසි වෙන්න නම්, මේ මස්සිනාටත් නමක් දාන්න වෙනව. ඉතින් දැන් ඉඳන් එයාගෙ නම "රුවන්".

මේ රුවන් අයිය, මම ඉගෙන ගන්න විශ්ව විද්‍යාලෙම ආදි ශිෂ්‍යයෙක්. දැන් හොඳ රැකියාවක් කරගෙන, පාඩුවෙ ජීවත් වෙනව. රුවන් අයිය රැකියාවට යනකොට හැමදාම ගෙදරින් හදල දීපු බත් පාර්සලයක් අරගෙන තමයිලු යන්නෙ. ගිහින් බත් පාර්සලේ මේස ලාච්චුවෙ දාල තියල, කෑම වෙලාවට කනව. හැමදාම ඒක එහෙම තමයි වෙන්නෙ.

දවසක්, මොන හේතුවක් හින්දද මන්ද, රුවන් අයියට බැරි වුනාලු දවල් බත් එක කන්න. කෑම පාර්සලේ ලාච්චුවෙන් අයින් කරන්න මතක් වෙලත් නැහැ, එයා ගෙදර ගිහින්.

ඊළඟ දවසේ වැඩට ඇවිත්, සුපුරුදු විදියටම එදත් කෑම පාර්සලේ මේස ලාච්චුවේ දාල, උදේ වරුවේ වැඩ කටයුතු ඉවර කරල, දවල්ට කාල, හවස වැඩත් ඉවර කරල, ගෙදර යන්න හදනකොට, රුවන් අයිය අහම්බෙන් දැක්කලු මේස ලාච්චුවෙ බත් පාර්සලයක්. බත් පාර්සලේ අරගෙන, කල්පනා කරල බැලුවම, රුවන් අයිය එදා දවල්ට කාල තියෙන්නෙ, කලින් දවසෙ මේස ලාච්චුවෙ අමතක වෙලා දාල ගිහිපු කෑම පාර්සලය ලු.

අපේ අක්කටත් සඳුනි අක්කටත් හරිම පුදුමයි දවසක් පරණ බත් එකක් කද්දි, රුවන් අයියට කිසිම වෙනසක් දනුනෙ නැති එක. නමුත් මට නම් පුදුමයක් නැහැ අපේ විශ්ව විද්‍යාල ජීවිතේ අපි කන බොන හැටි අපි දන්න නිසා.



ඔය පින්තුරෙ තියෙන්නෙ අපේ කැන්ටිම. පොඩ්ඩක් පැහැදිලි නම් මදි. ඔය පින්තුරය අන්තර්ජාලයේ ප්‍රසිද්ධ වුනාම, කැන්ටිමට සත්තු එන එක වලක්වන්න ගේට්ටු එහෙම සවි කළා මතකයි. හරි ආයෙම, අපි කන බොන හැටි කියන්නම්.

 මේක මගේ යාලුවෙක් මට කියපු සිදුවීමක්. විස්තර කරනවට වඩා, දෙබසක් විදියටම දැම්මොත්, තේරුම් ගන්න පහසු වේවි.

මිතුරා : ඊයෙ මම කේක් කෑවනේ.. මාර වැඩක් වුනේ..

මම : මොකද වුනේ?

 මිතුරා : ඊයෙ රුසිරු ගෙ බර්ත්ඩේ එක... මිනිහ කටුබැද්දටම ගිහින් අපට කේක් එකක් අරන් ආව.

මම : ෂා... ඉතින්??
 
මිතුරා : මිනිහ වැඩිය බලල නෙවෙයි කේක් එක අරන් තියෙන්නෙ මගෙ හිතේ, කේක් එක කල් පැනල. කොහොම හරි කාගෙන කාගෙන යනකොට පණුවෙක් හිටිය.

මම : අපරාදේ.... ඉතින්??

මිතුරා : මට හිතාගන්න බැරිවුණා මොනව කරන්නද කියල. රුසිරු දැනගත්තොත් ඌ අපට ගෙනාපු කේක් එක හරි නැහැ කියල, ඌට දුක හිතෙනවනෙ. ඉතින් මම කේක් කෑල්ල පෙන්නුව එහා පැත්තෙ හිටපු සුගත් ට.

මම : සුගත් මොකද කියුවේ?

මිතුරා : ඌටත් තේරුණා වැඩේ අහු උනොත් රුසිරුට දුක හිතෙනව කියල. ඌ මට ඇහැක් ගැහුව. මම කේක් කෑල්ල හපල හපල කාල දැම්ම

මම : ????????

ඉතින් ඔන්න ඔහොමයි... උදා වෙයිද නැද්ද දන්නේ නැති අනාගතයක් ගැන, සිහින මවාගෙන, මේ ජීවිත ගත කරන අපි, කන බොන හැටි.

අල්ලට සිඟාවත් රස නැති කැවිලි කකා
ඇල්මෙන් අකුරු උගනිමු ඉදිරි වැඩ තකා

හැබැයි,
පාසල් යන නංගිලා මල්ලිලා මේ බ්ලොග් ලිපිය කියවලා, විශ්ව විද්‍යාලයට පිවිසෙන අදහස අත්හැරගන්න එපා කියල මම විශේෂයෙන් කියනව. මේ ජීවිතයත් අනෙක් හැම දේම වගේ, සුන්දරයි ඒ සුන්දරත්වය පිළිගන්න ඔබ සූදානම් නම්.









24 comments:

  1. මට හිතාගන්න බැරි ඇයි අර බත් එක නරක්වෙලා තිබ්බේ නැත්තේ කියලා. කෙසෙල් කොලේක ඔතපු එකක්ද?

    ReplyDelete
    Replies
    1. ඔව්, කෙසෙල් කොලේක තමයි ඔතල තිබිල තියෙන්නෙ...
      පොඩි සෙවල ගතියක් දැනිල තියනව, ගනං අරගෙන නැහැ..
      කෑව කියල මුකුත් බඩේ අමාරුවක් හෙම හැදුනෙත් නැතිලු.

      Delete
  2. මගේ ලිවීම් කියවන්න එන තැන් ගැන මා සෝදිසියෙන් ඉන්න නිසා, ඔබගේ බ්ලොගය බලන්න එන්න පාර කියුවා. දැන් මේ කලින් දවසේ බත් එක කොහොමද දෙවෙනි දවසේ උඩට ආවේ? ඕක විශ්ව විද්‍යාල ජිවිතේ කියල කොටු කරන්න බැහැ. සමහරක්ට තමන් කන්නේ මොනවාද, ඉන්නේ කොහෙද, කරන්නේ මොනවාද කියල මෙලෝ හැඟීමක් නැහැ. :)

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත, එකඟයි.
      බොහොම ස්තුතියි අත දීමට, මේ පැත්තේ ආවාට, කමෙන්ට් කලාට.
      ලාච්චුව ගැන කියනව නම්; බත් පාර්සල් කීපයක් දාන්න තරම් ලාච්චුව ලොකු ඇති සමහර විට.

      Delete
  3. අර බත් එක තම්බෞ හාලකින් වගේ උයලා තියෙන්න ඇත්තේ...තෙලෙන් හදපු දෙයක් එක්ක.එළවළු තියෙන්නත් නැතිව ඇති (කිරට උයන ඒවා නරක් වෙනවනේ) එහෙම තිබුනනම් පුදුමයක් නෑ..

    අප්පෝ කේක් එකක පණුවො ඉන්න ඒක කොච්චර පරණ වෙන්න ඕනද? ඒ මදිවට මෙයාගේ යාළුවෝ ඒක දැන දැනම කාලා නෙව...හයියය්යෝ

    ReplyDelete
    Replies
    1. ඔවු බත් එකේ ඉක්මනට නරක් වෙන්නේ නැති ජාති තියෙන්න ඇති.
      යාලුවට දුක හිතෙන නිසා, පනුවෝ එක්කම කාල දාල.. :)

      Delete
  4. ආ ඕක නම් සාමාන්‍ය දෙයක්නේ, කැම්පස් හිටිය එකෙකුට මාසයක් පරණ බත් එකක් වුනත් ගේමක් නැතුව කාවහැකි. හැබැයි කැන්ටින් බත කාලා පුරුද්ද තියෙන්න ඕන.

    ReplyDelete
    Replies
    1. කෝ බොල මේකේ ෆලෝ කරන ගැජට් කෑල්ල

      Delete
    2. මෙන්න මෙන්න තවත් ඒ වගේ එක්කෙනෙක් ඇවිල්ලා.. :)
      ෆලෝ කරන ගැජට් කෑල්ල දාගන්න මම දන්නෙ නැහැ අනේ..

      Delete
  5. ෆලෝ කරන්ඩ දාන්ඩ අර බ්ලොගර් ගැජට් එක . ඔය බ්ලොගර් එක නෙමෙයි

    ReplyDelete
    Replies
    1. මම උත්සහ කරන්නම්, තාම හරියටම දන්නෙ නැහැ ඒක දාන හැටි :)

      Delete
    2. සෙටින්ග් වල ට යන්න ඇඩ් ගැජට් යන්න මෝර් ගැජට් වල තියනවා ගූගල් ෆලෝවර් එක අන්න ඒක දාන්න

      Delete
    3. ඔන්න දැම්මා, හරිද බලන්නකෝ... බොහොමත්ම ස්තුතියි මේක කියල දුන්නට..

      Delete
  6. මෙන්න මගෙ යාලුවෙකුට වුන වැඩක්. මේ දැනුත් ලඟ ඉන්නව. මිනිහට බත් එක බැදල හැම දාම කාර් එකේ පස්ස සීට් එකේ තියනව වයිෆ්.දවසක් පොර යාලුවො එක්ක දවල් සෙට් වෙලා එතනිම්ම කාල ආව ඔෆිස්.පස්සෙන්ද උදේ බාත් රූම් එකේ ඉන්න කොටයි මතක් වුනේ බත් එක. හුටා! ටවල් එක පිටින් ම ඇවිත් ඉක්මනට බත් එක අරන් කැලේට විසිකරල පොර ආයෙත් නෑව. යන්න පිටත් වෙන කොට වයිෆ් ඇවිත් කාරෙකට වතුර බෝතලය දාන්න. කෝ දැන් ඊයෙ එක අස් කරල මම තිබ්බ බත් එක?.වයිෆ් අහනව. පොර පරණ එක කියල විසිකරල තියෙන්නෙ දැන් තිබ්බ අද බත් එක.
    මහර්

    ReplyDelete
    Replies
    1. හපොයි දෙවියනේ.. අපරාදේ...
      බලන්න ඉතින් ඒ බිරින්දෑ තරහ ගන්නෙත් නැතුව අලුත් බත් එකක් තියල. එහෙව් මනුස්සයටනේ බොරුවට බය වෙලා බත් එකත් විසි කරල තියෙන්නෙ. මල් තියල වඳින්න ඕන බිරිඳක් තමයි ඔයාගේ යාලුවට ඉන්නෙ :)

      Delete
  7. කැන්ටිමේ කෑම එක ගැන දැන්නම් දුකත් හිතෙනවා. තව මාස කීයද කන්න තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. හි හි ඔව්
      කාලෙකට දුෂ්කර දේවල් තවත් කාලෙකට මිහිරි මතක සැමරුම් වෙනවනෙ..
      බොහොම ස්තුතියි මේ පැත්තේ ආවාට. කැම්පස් සින්ඩියෙන් පාර බලාගෙන මමත් ඒ පැත්තේ ගියා.

      Delete
    2. ඒකෙන් තමයි අපිත් මේ පැත්තට ආවේ

      Delete
  8. Replies
    1. මෙන්න පුරුදුකාරයෙක් ඇවිත්... බයේ බෑ...
      මේ ගොඩ උඩ නේද..

      Delete
  9. කැම්පස් කැන්ටිම ගැනනම් කියලා වැඩක් නෑ. ඕකනේ අපිට ඕනෙ දහ ජරාවක් පරණ වෙච්ච කෑමක් කාලා බඩේ අමාරුව හදා ගන්නෙ නැතුව ඉන්න පුළුවන්. කැම්පස් ජීවිතේ නම් ඉතා රසවත් කාලයක්

    ReplyDelete
    Replies
    1. ඔව්.. පසුව කල්පනා කරල බලනකොට නම් මිහිරි මතක සැමරුමක් වෙනව ඇති කැන්ටිම. :)
      බොහොම ස්තුතියි මේ පැත්තේ ආවාට සහ කොමෙන්ටුවට.

      Delete
  10. කැම්පස් ගිහින් ගන්න ලොකුම අත්දැකීමක් තමා ඕනේම දහජරාවක් දිරවන්න ගන්න හැකියාව. හැබැයි ඉතින් ඒකෙන් පනින එවුණුත් නැතුවාම නෙමෙයි :P

    ReplyDelete
    Replies
    1. ඔව් ගොඩක් අය ඕන දෙයක් කන්නත්, උයා ගන්නත් පුරුදු වෙනවා කැම්පස් ගියාම. ඒක ලොකු දෙයක් ජීවිතේට.
      කන්න ගියාම කෑම තෝරන මමත්, මගේ යහළුවනුත්, ගොඩක් අය, කැම්පස් ඇවිත් හැදුනා.

      Delete