ඔබ විනෝදාංශ තුනක් තබා ගන්න.
එකක්, ඔබේ ජීවිතය පවත්වාගෙන යාමට මුදල් උපයන්නට.
දෙවැන්න, ඔබේ ශරීරයේ හැඩය පවත්වා ගන්නට.
තුන් වැන්න, ඔබේ නිර්මාණශීලීත්වය වැඩි කරන්නට.
මේ කතාව බැලු බැල්මට හරි ලස්සනයි. නමුත් ජීවත් වෙනකොට මේක මේ විදියටම කරන්න පුළුවන් වෙයිද? මම මේ ඉහත කියමන ගැන විවේචනය කරන්නට යනවා නොවේ, පොදුවේ විනෝදාංශ ගැන ලියන්නට හිතුන.
මම ෆොටෝ ගන්න ටිකක් ආසයි. මුදල් උපයන්න නෙවෙයි, ලස්සන දර්ශනයක් මොකක් හරි දැක්කම, ෆොටෝ එකක් අරන් ඉන්ස්ටග්‍රෑම් දානව. හැබැයි මේ ෆොටෝ ගන්න ලස්සන දර්ශන හොය හොයා ඇවිදින්න උත්සාහ කරන්නේ නැහැ, ගෙදර ඉස්සරහ මිදුලෙ හරි, ජනේලෙන් එලියෙ හරි, පාර අයිනේ තියන මල් පඳුරක් හරි, එදිනෙදා ජීවිතේ දකින ලස්සන දේවල් තමයි ෆොටෝ ගන්නෙ.
ඔහොම ටික දවසක් ඉන්නකොට මට හිතුණ, මේ විනෝදාංශය ටිකක් පිළිවෙලකට කරන්න ඕන කියල. ඉතින් මම කැමරාවක් ගත්ත. වෙනදට වඩා කොලිටිය වැඩි ෆොටෝ ඉන්ස්ටග්‍රෑම් වැටෙන්න ගත්ත.
ඔන්න ඔය පල්ලෙහා දැම්ම ඒ දෙක තුනකුත්. නිකම් තියන නිසා.
මේක ගත්තෙ ඇකමඩේශන් එකේ ඉස්සරහ තණකොළ ගොඩේ. මේ මල් හරිම පොඩියි, සූම් කරලා ගත්තාම මේ වගේ ලස්සනට තිබුණට. |
මේකත් කැම්පස් එක ඇතුලේ, පොඩි ලේක් එකක් තියනවා, එතන. |
මේක නම් කැම්පස් එකෙන් එළියේ. War memorial park එකේ. |
ෆොටෝ අප්ලෝඩ් කලාට මදිනේ? ඒවා බලන්න කට්ටිය ඉන්නත් එපැයි? ඉතින් ඒකට කරන්නේ හෑෂ් ටැග්ස් එහෙම දාලා, වැඩිපුර පිරිසකට පේන්න සලස්වන එක. ඕක ටික කාලයක් කරනකොට හරිම ස්ට්‍රෙස් එකක් වුණා. විවේකය උදෙසා විනෝදාංශය කරගෙන යනවද? එහෙම නැත්නම් විනෝදාංශය වෙනුවෙන් ඇප කැප වෙලා ඉන්නවද කියල මම කල්පනා කළා.
පස්සේ මම වැඩේ අත් ඇරලා දැම්ම.
දැන් මම ඒක පස්සේ පන්නන්නේ නැතුව, කම්මැලි හිතුණම ඉඳලා හිටලා ෆොටෝ දානවා. හෑෂ් ටැග් අඩුයි, දකින කෙනෙක් දකියි, නැතත් මට කමක් නෑ.
දැන් ඇත්තටම හිතට නිදහස්. දැන් ඒක විනෝදාංශයක් විදියට වැඩිපුර දැනෙනවා.
මේක හැම විනෝදාංශයට ම අදාළ කරන්න අමාරු ඇති. නමුත් සමහර වැඩ වල සැබෑ සතුට දැනෙන්නේ, ඒක හඹා යාම අතහැරපු විට.
ඔබේ අදහසුත් කියමු.