අපේ ආදරණීය රවී තුමා මෙන්න මේ පහළ තියන ෆොටෝ එක බුකියේ ෂෙයාර් කොරලා තිබුණා නෙව.
දම් පැහැති මල් පිරුණු ගසක් ඉහත දැක්වේ. |
එතුමා කොහොමත් හිටපු ගමන් ලස්සන ලස්සන ලෑන්ඩ්ස්කේප් ෂෙයාර් කරලා අපි වගේ කම්මැලිකමේ ඉන්න පණුවන්ට නලියන්න ඉඩකඩ හදල දෙනව.
කොහොමහරි ඔය ෆොටෝ එක දැක්කම මටත් මතක් උනා බොලේ මමත් මෙහෙම තැනකට ගියා නෙවද කියල. ඉතින් ඒ කතන්දරේ බ්ලොග් එකේ ලියන්න හිතුණ.
මේක ලියන්න මුල් වුණේ රවී තුමා නිසා, අපි මේ පෝස්ට් එකයි, ඒකෙ තියන මලුයි ඔක්කොම රවී තුමාට පුද කරමු. කමක් නෑ නේ? (කොහොමත් මේ දවස් වල එක සීරුවට අර අනන්‍යගේ කතාව ලියන නිසා මලක් දෙකක් දීල මනුස්සයව ශේප් එකේ තියා තියන එකත් හොඳයි)
මම මේ ලඟදි දවසක ට්‍රිප් එකක් ගියා කේම්බ්‍රිජ් සරසවියට ගිහින් එන්ට. එහෙ ඉන්න යාළුවො ටිකකට හායි කියන්න තමයි ගියේ. ඉතින් එහෙම ගිහිපු ගමන් එයාල මට සරසවියේ තියන පැරණි ඉංග්‍රීසි ගොඩනැගිලි ටික බලන්නටත් අවස්ථාවක් හදල දුන්න, මොකද ඒ විශ්ව විද්‍යාලයේ සිසුවෙක් එක්ක ඕව බලනකොට මට ටිකට් නැතුව ඇතුලට යන්න පුළුවන්. උදේ ඉඳන් ඔහොම පරණ ගොඩනැගිලි බල බල යනකොට මගේ යාළුවයි මමයි අතර මෙන්න මෙහෙම දෙබසක් ඇති වුණා.
"උදේ ඉඳන් එක වගේ බිල්ඩින්ස් බලල කම්මැලිද?"
"කම්මැලි නම් නෑ. නමුත් පරණ බිල්ඩින්ස් කියන්නේ මගේ ප්‍රියතම දෙයක් නම් නෙවෙයි. හැබැයි අකමැත්තකුත් නෑ, එකම දේ ඉතින් wow කියවෙන්නෙ නෑ."
"එතකොට wow කියවෙන්නෙ මොනව බලනකොටද?"
"මල් බලනකොට."
"හෑ..."
ඔන්න ඕක තමයි වැඩේ. මම හරිම ආසයි මල් වලට.
ඔහොම මල් වලට ආසාවෙන් ජීවත් වෙනකොට තමයි ගිය අවුරුද්දේ වසන්ත සමයේ මට ජපානේ තියන විස්තීරියා පාක් ගැන ඔත්තුවක් ලැබුණේ. ලොකුම විස්තීරියා පාක් තියෙන්නේ පියාඹා යන්නට තරම් දුරින් වූ දකුණු කෙළවරේ වුණත්, ටෝකියෝ ඉඳන් දවසින් ගිහින් එන්නට තරම් දුරකින් පිහිටි අශිකාගා පාක් එකට යන්නට මම සැලසුම් කළා.
විස්තීරියා මල් පිපෙන්නේ අවුරුද්දකට වරක්, මාසයක් වගේ කාලයක් ඇතුලත විතරයි. ඒ මාසෙ ඇතුලෙත් ෆුල් බ්ලූම් එක දකින්න තියෙන්නේ දවස් තුන හතරක් වගේ. ඊට පස්සේ මල් පරවෙන්ට පටන් ගන්නව. ඉතින් ගිය අවුරුද්දෙ ඔය ෆුල් බ්ලූම් එක සෙට් වුණේ ගෝල්ඩන් වීක් එක පටන් ගන්න ඔන්න මෙන්න තියල.
*** ගෝල්ඩන් වීක් එක කියන්නේ ජපානේ තියන නිවාඩු සතියක්. මේකෙ ඇත්තටම වෙලා තියෙන්නෙ එකිනෙකට සම්බන්ධයක් නැති නොයෙකුත් රජයේ නිවාඩු දින කීපයක් එක ළඟ වැටිල සතියක් විතර එක දිගට ආතල් නිවාඩුවක් සෙට් වෙන එක.
ඉතින් ගෝල්ඩන් වීක් එකේ මල් බලන්න ගියොත් සෙනග වැඩි වෙයි කියල හිතල, මම ප්ලෑන් කලා ගෝල්ඩන් වීක් පටන්ගන්න කලින් දවසේ මල් බලන්න යන්න. නමුත් එදා මගේ යාලුවෙක් අසනීප වුනු නිසා ප්ලෑන් කරපු විදියට යන්න බැරි වෙලා, අන්තිමට පාක් යන්න සිදු වුණේ ගෝල්ඩන් වීක් එක පටන් ගන්නා පළමු නිවාඩු දවසේ.
පාක් එක තියෙන්නේ ටිකක් ඈත ග්‍රාමීය පෙදෙසක. ඉතින් කෝච්චියෙන් බැහැලා පාක් එක පැත්තට යන කෝච්චියට ගොඩ වෙන්න මම ගියා කියමුකො. හපොයි කොහෙද මන්ද යන මහා සෙනගක් පළමු පෙට්ටියේ පිරිල ඉන්නව. ඉතින් මම ඊට පස්සේ දෙවෙනි පෙට්ටියට දුවන් දුවන් ගියා. ඒකටත් ගොඩවෙන්න විදියක් නැහැ, සෙනග පිරිල. ඊට පස්සේ මම තුන්වෙනි පෙට්ටියට දුවන් දුවන් ගියා. ඒකත් එහෙමයි. කෝච්චියේ දොර වැහුනොත් ඊළඟ එක එනකම් ටිකක් වෙලා බලන් ඉන්නත් වෙනව, ග්‍රාමීය පෙදෙසක නිසා කෝච්චි අතරේ වෙලාව පරතරය වැඩියි. ඉතින් තියන ඔක්කොම වීර්ය අරගෙන හතරවෙනි කෝච්චි පෙට්ටියට දුවන් ගිහින් පොඩි ඉඩකට කකුල තියන් යන්තම් ගොඩ උනා කෝච්චියට.
ඔහොම යන අතරෙ ඊළඟ නැවතුම් වලිනුත් කෝච්චියට සෙනග ගොඩ වෙලා මම ටිකක් මැදට තල්ලු වුණා. දැන් කෝච්චිය මගේ නැවතුමට ලං වෙනව. ඉතින් මේ කොහෙද මන්ද යන මහා සෙනග අස්සෙන් බැහැගන්නත් එපයි. මම ඉතින් ටිකෙන් ටික ඒ ගැන හිත හිත ඉන්නකොට ඔන්න කෝච්චිය නතර වුනා මගේ නැවතුමේ. සෙනග අස්සෙන් බහින්න හිතන් හොඳ හුස්මක් අරන් ලෑස්ති වුනා විතරයි, මෙන්න අර කෝච්චියේ පිරිල හිටපු ඔක්කොම බහින්න පටන් ගත්තෙ නැතැයි. ඒ අස්සෙම තල්ලු වෙලා කෝච්චියෙන් බැහැලා මම ෆොටෝ එකක් ගත්ත. පහළ තියෙන්නේ ඒක.
කෝච්චියෙන් බැහැපු සෙනග |
පාක් එක හොයාගන්නත් වැඩිය අමාරුවක් උනේ නෑ. කෝච්චියෙන් බැහැපු මහා ජන ගංගාව එක්ක ඔහේ ඇවිදන් ගියාම පාක් එකත් හම්බුණ.
මල් බලන්න යන සෙනග |
පල්ලෙහා තියෙන්නේ මල් වල ෆොටෝ. හැබැයි ඉතින් ලස්සන විඳින්න අමාරුයි ඒ සෙනග ගොඩ එක්ක.
මලින් පිරුණු ගස් කීපයක් ඉහත දැක්වේ. |
මලින් පිරුණු ගස් කීපයක් ඉහත දැක්වේ. |
මලින් පිරුණු ගස් කීපයක් ඉහත දැක්වේ. |
මලින් පිරුණු ගස් කීපයක් ඉහත දැක්වේ. |
මලින් පිරුණු ගස් කීපයක් ඉහත දැක්වේ. |
මලින් පිරුණු ගස් කීපයක් ඉහත දැක්වේ. |
මලින් පිරුණු ගස් කීපයක් ඉහත දැක්වේ. |
නිර්මාණශීලී විදියට ගස් ටික සකස් කරලා තිබුණු නිසා, වැඩිපුර අලංකාරයක් වගේම ආකර්ෂණයක් ලැබිල තියන බවක් මට දැනුණ. කොහොමත් ජපන්නු ලෑන්ඩ්ස්කේපින් වලට දක්ෂයි නේ.